Monday, February 14, 2011

සිරිපාලගේ තවත් ගැසිලි..






තවත් ගැසිලි..
--

සිරිපාලගේ ගැසිලි ගැන සිරිසේන කියන කතා..


මුදලට කෑදර නිලධාරීන් 
සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ තරම් වෙන කොහේවත් නෑ


ඒමන්ති මාරඹේ

රජයේ රෝහල් සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග මිලදී ගැනීමේදී අඩු මිල ගණන්වලට හොඳ බෙහෙත් වර්ග සැපයීමට ඉදිරිපත් වූ සමාගම් තිබියදීත් නියමිත මිල මෙන් දස ගුණයක්‌ වැඩි මිල ගණන් ඉදිරිපත් කළ බෙහෙත් සමාගම්වලට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිලධාරීන් පසුගිය කාලයේදි බෙහෙත් ටෙන්ඩර් ප්‍රදානය කර ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙසේ නියමිත මිල ගණන්වලට වඩා වැඩි මිල ගණන් ඉදිරිපත් කළ බෙහෙත් සමාගම්වලට ටෙන්ඩර් පිරිනැමීම පසුපස පවතිනුයේ මුදල් බව කී සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ තරම් මුදලට කෑදරකම් දක්‌වන නිලධාරීන් වෙනත් රාජ්‍ය ආයතයක සිටිනු තමන් දැක නැතැයි අවධාරණය කළේය.

මුදලට වහල්වී මහජනතාවගේ ජීවිත විනාශ නොකරන ලෙස තමන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එවැන්නකට පෙළඹෙන්නන්ට රටේ ජනතාවගේ මෙන්ම අනාගත දරු පරපුරේ සාපය හිමිවීම නොවැළැක්‌ විය හැකි වනු බවත් ඇමැතිවරයා කීවේය.

බෙහෙත් මිල දී ගැනීමේදී අක්‍රමිකතාවන්ට හවුල්වන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිලධාරීන්ට එරෙහිව දැඩි දඬුවම් පැනවීමට අදාළ නීතිරීති ලබන වසරේදී ගෙන එන බවද හෙතෙම පැවසීය.

පසුගියදා කොළඹදී පැවැති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ ඖෂධ බෙදාහරින්නන්ගේ වාර්ෂික සමුළුව අමතමින් සෞඛ්‍ය ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය




No comments:

Post a Comment