Monday, May 9, 2011

පොලිස්පතිතුමනි නීතිය රකින අයගෙන් නීතිය රැකගන්නේ කවුද?

ලංකාව ආශ්චර්යට යන ගමනේ මූලික පියවරක් ලෙස රජය විසින් සියලු මහා මාර්ග  වැඩිදියුනු කරමින් ඉතාමත් හොඳ ප්‍රවාහන මාර්ග ඇති කිරිම සිදුකරයි .
උදාහරණ ලෙස හම්බන්තොට කතරගම , හබරණ කන්තලේ පාරවල් දැක්විය හැක .
මේ හබරණ කන්තලේ පාරෙ පින්තූර කිපයකි ..

DSC09140 [1600x1200].JPG     DSC09153 [1600x1200].JPG

DSC09144 [1600x1200].JPG      DSC09151 [1600x1200].JPG

මෙවැනි සුපිරි මාර්ග පද්ධතියක් රටේ පැවතුනද එහි උපරිම ප්‍රයෝජනය ගැනීමට ජනතවට ඉඩක් ලබානොදේ .....
එනම් , හොඳ පාරක ප්‍රයෝජනයක් ගැනීම යනු අඩු කාලයකින් ප්‍රවාහන අවශ්‍යතාවය ඉෂ්ඨ කරගැනීමයි .නමුත් එයටද සීමිත වේග ප්‍රමානයක් නියම කර ඇත.
එම වේගය 60kmph ට වඩා අඩු වන්නේ නම් එහිදී නීතියට පටහැනි නොවන වේගයකි .

police_logo.jpg
නමුත්,
නීතිය රැකීමට සිටින නිලධරයන්ට එයද වැඩි වේගයකි (high speed) .මේ වැඩි වේගය රටේ නීතියට නොව එම නිලධාරීන්ගේ අත යට කැසීමේ නිතියයි .
වැඩි වේගය වැඩි වීම පෙන්නනුයේ ඔවුන්ගේ අතේ තිබෙනා යන්ත්‍රයේ පමණි. පැමිනෙන වාහනයේ පවතිනුයේ 60ත් අඩු වේගයකි .
මොවුන් තමන්ගේ අතේ තිබෙනා යන්ත්‍රය වැරදි ලෙස පවිච්චි කර පාරේ එන යන වාහන මංකොල්ල කෑමක යෙදී සිටිති .

මම ඔබට එක් උදාහරණයක් ලබාදෙන්නෙමි.
ts.png
මම තවත් පිරිසක් සමග 2011-04-29 දින දහවල් 2-3 ට පමණ  හබරණ - කන්තලේ පාරේ වෑන් රියකින් ගමන්කරමින් සිටියෙමු.හබරණ පසුවී ටික දුරක් පැමිනි විට
ඉදිරියෙන් පැමිනෙන වාහන ඉදිරිපස ලාම්පු දල්වා පොලීසියෙන් ඉදිරියේ සිටින බව දැන්වීය .එවිටත් අපගේ වාහනයේ වේගය 60ට පැවතුනි,
නමුත් වැඩි හොදට අපගේ රියදුරු මහතා තවත් වේගය බාල කලේය . එලෙස වුවත් අපගේ වාහනය පොලීසියේ මහත්වරු විසින් නවත්වන ලදි .
එන්තන සිටියේ 125-0103 අංක දරන මොටර් බයිසිකලයෙන් පැමින සිටි --0863 දරන පොලීස් නිලධාරියා සහ තවත් නිලධාරියෙකි.
අපගේ රියදුරු මහතා වාහනයෙන් බැසයන විටම කියාගෙන ගියේ "සර් මගේ වේගය 60ත් අඩුයි " කියගෙනය .
නමුත් ඔවුන් තමන්ගේ අතේ තිබෙනා යන්ත්‍රය පෙන්වා කිවුවේ වේගය 84ක් බවය .එය කෙසේ සිදුවියද කියා අපි නොදනිමු .
අපට වාද කිරිමටද නොහැක නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා .අනික අපගේ ගමනද වැදගත් නිසා.
අපගේ ගමන අත්‍යවශ්‍ය කටයුත්තක් බව රියදුරු මහතා පොලීසියේ මහතුන්ට කිවුවෙය.
එවිට ඔවුන් පැවසුවේ මෙයට "දඩ ලිවුවොත්  1500ක් ගෙවන්න වෙනවා ,දැන් තමුසෙලාට යන්නත් ඔන නිසා අපිට 500ක් දෙනවා" කියාය..
අපිට වෙන කල හැකි කිසිවක් නොමැති බැවින් අපි එය ගෙවා එතනින් පිට වීමු .
මා මෙය ඔබට කියන්නේ අපගේ නැතිවූ රු.500ට ලෝබකමින් නොවේ .මෙවැනි ගසාකෑම් හැමතෙනම හැම පොලීසියකින්ම සිදුකරනවා.
හැම පොලිස් නිලධාරියෙක්ම දූෂණ කරන්නේ නැත,කරනා කීපදෙනා නිසා හොඳ අයගෙත් නම කැත වෙයි.
මෙය ඔබට කිවුවේ මෙයකියවා වගකිවයුත්තෙකුට දැනුම් දෙන්න හැකියාවක් තිබේනම් එය සිදුකර රටෙ සිදුවන වංච දුෂණ වලට එරිහි වීමටයි.
වග කිවයුත්තෙක් මෙය කියවන්නේ නම් මෙවැනි නිතිය වල් වැදුන තැන් වලට විරුද්ධව පියවර ගන්නා මෙන් ඉල්ලා සිටීමටය
.

මෙයට ,
වල් වැදුනු නීතියෙන් බැට කෑ එක් අයෙක් ......

2141Police_Broken_Law_J.jpg


_47281537_008716047-1.jpg

 

No comments:

Post a Comment