Sunday, June 26, 2011

හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් & හෙලවුඩ්







දුෂ්ඨයා කෙල්ලව පැහැර ගෙන යාම සහ කොල්ලාගෙ ප්‍රතිචාරය තමයි දර්ශනය (චිත්‍රපටියේ අවසාන ජවනිකාව ) හොලිවුඩ් , බොලිවුඩ්, කොලිවුඩ් , සහ හෙල උඩ්(ලංකාවේ සිනමාව )  කියන සිනමා වන් වලදි මේක නිරූපනය වෙන්නේ කොහොමද කියන එකයි කතන්දරේ.

හොලිවුඩ්


කොල්ලා ඇඟපත හොඳට හැදුණු දඩාර පොරක් , කෙල්ල සෙක්සි ලුක් එකක් තියන  කෙට්ටු පොරියක් .ඔන්න දැන් දුෂ්ටයාගෙ සෙට් එක කෙල්ලව හෙලිකොප්ටරයකින් පැහැර ගෙන යන්නයි සුදානම . කොල්ලගෙ උර හිසට වෙඩි වැදිලා බිම . දුෂ්ට ගැන්සියෙ ලොක්ක ගෝලය තුන් හතර දෙනාට උපදෙස් දෙමින් ඉන්නවා කෙල්ලවත් අල්ලගෙනම .. කෙල්ලත් බිම වැටිලා ඉන්න කොල්ල දිහා බල බල අරුගේ අතින් ගැලවෙන්න හදනව ඌට බැන බැන (සමහර වෙලාවට භාග කුණුහරුපෙනුත් ) . ඔන්න දැන් උපදෙස් දීල ඉවරයි දුෂ්ට බොසා කෙල්ල ඇදගෙන හෙලිකොප්ටරේ ගාවට යනව (මේ වෙලාවෙදි කෙල්ලගෙ ගවුම  හෙලිකොප්ටරේ හුලඟ නිසා සැහෙන උඩ යන්න එහෙම පුලුවන් ). ඔය අතරදි බිම වැටිල ඉන්න කොල්ලා ටිකක් එහාහින් තියන තුවක්කුවක් (ඔව් මැශින් ගන් එකක් තමයි ) දකිනව , හෙලිකොප්ටරේ ඉහල නගිනවාත් එක්කම කොල්ලා හෙනගේමක් දීල තුවක්කුව ගන්නව . හාන්සි වෙල ඉඳගෙනම දුෂ්ටයින්ගේ ගෝලයින්ට වෙඩි තියාගෙන යනව . ඒක දැකපු හෙලිකොප්ටරේ ඉන්න දුෂ්ට බොසා කොල්ලට වෙඩි තියනව කොල්ලත් ප්‍රතිචාර දෙනව . අහෝ ඛේදයකි ... කොල්ලගෙ වෙඩි පාර වදින්නේ හෙලි කොප්ටරේ පිටිපස්සෙ  තියන පෙතිටිකට , හෙලිය එතනම දොයි (ඒත් එක්කම මහා පිපුරුමක් ) . කොල්ලයි කෙල්ලයි දෙන්නම ආදරේ නාමෙන් ගෝටු හෙවන් කිව්වලු


බොලිවුඩ්

කොල්ල උස කෙට්ටු පැත්තට බර ඒත් කඩවසම් සිරුරක් තියන  සුදු පොරක් , කෙල්ලත් හින්දැරි සුදු ලස්සන කෙල්ලෙක්  ,කෙල්ල ඇඳල ඉන්නේ පාටි එකක්ට යන්න වගෙ ඇඳුමක් , ඒතරමටම මේකප් තොගයකුත් දාල ඉන්නේ . ඔන්න දැන් දුෂ්ට නායකය කලින් වගේම කෙල්ලව අරන් පනින්න තමයි සූදානම , පොරට ගෝලයන් 10 ක් 12ක් ඉන්නව . උන් සෙට් එක කොල්ලට ඇඩා නැති වෙන්න නෙලලා ඉන්නේ මේ වෙනකොට . කොල්ලගේ ශර්ට් එක ඉරිල , ඔලුව පැලිලා, නහයෙන් කටෙන් ලේ ඇවිල්ලා  හරහා වැටිලා ඉන්නේ හරියට සැන්ඩි නැතුවම ගල් බෝතලයක් ගහපු එකෙක් වගෙ . ඔන්න  දුශ්ට බොසා හෙලිකොප්ටරයට යනව කෙල්ලවත් ඇදගෙන යන ගමන් කෙල්ල දුක හිතෙන විදිහට අඩනව අරුත් බැන බැන ඇදගෙන යනව . ඔන්න හෙලියට නගින්න ඔන්න මෙන්න . කෙල්ල කොල්ලගෙ නම්  කියල කැගහනව (රාජ් හෝ රාහුල් තමයි ගොඩක් වෙලාවට ) රා.................ජ්(මේක දෙතුන් පාරක් එකෝ වෙන්නත් ඕනි ) .

කෙල්ලගෙ මේ කැගිල්ල ඇහුණාම තමයි අර මාස 6ක් ඇක්සිඩන්ඩ් වෝඩ් හිටියත් ගොඩ යන්න බැරි තරමට ගුටිකාල හිටපු කොල්ලට ගට එන්නේ පොර කැගහගෙන , ඔරෝගෙන දත්කිටි කාගෙන නැගිටිනව . දුෂ්ටයයි කෙල්ලයි දැන හෙලියට නැඟල හෙලිය ස්ටාර්ට් කරලත් ඉවරයි . කොල්ල දැන් හුසේන් බොල්ට් ගානට දුවනව , දුෂ්ටයගෙ ගෝලයො මැද්දට ආවත් උන් එක්කෙනාට දෙන්නෙ එක පාරයි බිම වැටෙනව කෙසෙල් ගස් වගේ , සමහර වෙලාවට  කොල්ල පිනුමක් දෙකකුත් ගහගෙනමයි එන්නේ  කොල්ල ලඟට එනකොටම ඕං හෙලිය උඩ යන්න පටන් ගන්නව . කොල්ල සැහෙන ගේම ක් දිල තනි අතින් හෙලියේ එල්ලෙනව . දැන් හෙලිය යඩ යනව කොල්ල හෙලියට නගින්න හදනව දුෂ්ටය ඒක වලක්වන්න හදනව , සමහර වෙලාවට කොල්ල වැටෙන්නත් යනව (කෙල්ල එතකොට කැගහනව ) , ටික වෙලාවක් ට්‍රයි කරල අන්තිමේදි කොල්ලා හෙලිය්ට ගොඩ වෙනව . දුෂ්ටයටයි  පයිලට් ටයි දෙන්නටම නෙලල බිමට දානව ,

අයි ලවු යු සන්ජනා .. අයි ලවු යූ රාජ්

කියල දෙන්නා බදාගන්නව (පයිලට් නැතත් හෙලිය යනව , ) ඔන්න හෙලිය වැටෙන්න් වගෙ යන්නෙ කොල්ල දඩි බිඩි ගාල  නියමු ආසනයට පනිනවා  . අවුරුදු 10ක එක්ස්පීරියන්ස් තියන නියමුවෙක් වගේ කෙල්ලත් එක්ක මුකුලු කර කර කොල්ල හෙලිය පැදගෙන යනව  . මේක ගිහින් ගොඩ බාන්නේ කෙල්ලගෙ අම්ම තාත්ත ,  චිත්‍රපටිය පුරාම ජෝක කර කර හිටපු ජෝකර්(ඌ මෙතනදි සිරියස් )මේක්ප් නාගෙන ඉන්න කෙල්ලගෙ යාලුව වගෙ සෙට් එකක් ඉන්න තැනකට



කොලිවුඩ්


මේකෙදි කොල්ලා තල එලලු කොන්ඩෙ ක්‍රේල් , උඩු රැවුලක් වවපු හාදයෙක් . සරම ගහල බැනියම පෙන්න ශර්ට් එකේ බොත්තම් සේරම ඇරල දාල තමයි ඉන්නේ . කෙල්ල සුදු ,ටිකක් විතර මහත පැත්තට බර කෙනෙක් . දුෂ්ටය ගෙ ගැන්සිය තිහ හතලිහක් ඉන්නව . ඔන්න දැන් දුශ්ඨය කෙල්ල අරන් මාරු වෙන්නයි හදන්නේ . කොල්ලා තාම අර සෙට් එකත් එක්ක වලිය (සෙල්ලංයැ තිහ හතලිහක් එක්ක තනියම ගේම දෙනකොට ) කොල්ල කොච්චර ගේමෙ හිටියත් තමන්ගේ තියන ඇක්ෂන් අමතක කරන්නෙ නැ (මුලු චිත්‍රපටිය පුරාවටම තිබුන ඇක්ෂන් ටික ) ඔන්න දැන් දුෂ්ටය කෙල්ල එක්ක හෙලිකොප්ටරේට ගොඩ වෙලා ඉවරයි . කොල්ලට ගානක් වත් නැ කොල්ල ගේමේ . හෙලිය උඩට ය්නකොටම වගේ හතර අතේ වැටිල ඉන්න දුශ්ට ගැන්සියෙන් උන් සේරම උන් පැනල කොල්ලව බිම දාගන්නව . දැන තමයි ලස්සනම හරිය ..කොල්ල අර සෙට් එකම උඩ විසික් කරග්න නැගිටිනව (ටික වේලාවක් ස්ලෝමෝශන් වලින් එක එක කෝන වලින් මේක පෙන්නනවා ) ඊට පස්සෙ තමන්ට පුරුදු ඇක්ෂන්  එක (කොණ්ඩය අත්ගැම වැනි ) දැම්මටත් පස්සෙ තමයි අර උඩ ගිය උන් ටික එකා දෙන්නා බිම වැටෙන්නේ , දැන් හෙලිය උඩ කොල්ලට ගානක් නැ .පොර හෙමින් සැරේ සරම කැහැපොට ගහල ආයෙමත් අර ඇක්ෂන් එක දාල එහෙම එක පාරටම පනිනව උඩ , කෙලින්ම හෙලිකොප්ටරේ ඇතුලේ . චූටි වලියකින් පස්සෙ දුෂ්ටය බිම . හැබැයි පයිලට්ව බිම දාන්නෙ නැ , එක පාරටම ඉනෙන් පිහියක් ඇදල අරන් පයිලට්ගෙ බෙල්ලට තියන ඌව බය කරගෙන බිමට එනව

හෙලවුඩ් (ලාංකාවෙ සිනමාව )


කොල්ල උසෙන් අඩු තල එලලු පොරක් හෝ මෙලේ හැඟීමක් දැනීමක් නැති ලාදුරු ලපයක් වගෙ උස  හාදයෙක් , කෙල්ල සුදු මහත අවුරුදු 40ක විතර ඇන්ටි කෙනෙක් . දුෂ්ටය දැන් කෙල්ලව අරන් යන්න හදන්නේ . හෙලිකොප්ටරෙන් ??? පිස්සුද ....නැ ත්‍රිවීල් එකෙන් . කොල්ල ම්ටි හාදයෙක් නම් රැවුල වවල ඉන්න දුෂ්ටයො දෙතුන් දෙනා එක්ක කැත විදිහට ගහ ගන්නව (තමන්ගෙ මූනටත් දෙකතුනක් ගහ ගන්නව ) ගහනවටත් වඩා කුණුහරුප වගේ ඒවා කිය කිය බනිනව . කොල්ල උස එකා නම් වැනි වැනි ඔහේ ගහගන්නව . ඒ අතරේ කෙල්ල එක්ක දුෂටය වීල් එකේ පැනල යන්න හදනව , යන්න වෙන්නේ ටික දුරයි පොලිස්  ජීප් එකක් ඇවිත් දඩස් ගාල නතර කරනව . දුශ්ටයව අල්ලනව .කොල්ලත් වැඩ්ඩ වගෙ අතට අහුවෙලා ඉන්න දුෂ්ටයගෙ ගෝලයෙක්ව  පොලිසියට භාර දීල කෙල්ල්ව බදා ගන්නව යාන්තමට . කෙල්ලත් යාන්තමින් කොල්ලගෙ පපුවට හේත්තු වෙනව  

--------------------------------------------------------------------------------------------


No comments:

Post a Comment