Tuesday, August 16, 2011

මහේෂ් සමග පවුල්කෑමට ඇමති මර්වින් නිවසින් පිටවෙයි



Posted by Paparasi News Tuesday, August 16, 2011
ජනපි‍්‍රය මෙගා ටෙලි නිලි උපේක්‍ෂා ස්වර්ණමාලි නොහොත් පබාගේ හිටපු සැමියා වන මහේෂ් සමග පවුල්කෑම සඳහා මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා පෙරේදා (14) සිට තම නිවසින් පිටව ගොස් ඇති බව 'පැපරාසියාට' වාර්තාවේ.

මොවුන් දෙදෙනා මේ වනවිට මහනුවර ප‍්‍රදේශයේ නවාතැන් ගෙන සිටින අතර, ඇමතිවරයා තම පවුලේ උදවියගෙන් ලැබෙන දුරකතන ඇමතුම්වලට පවා පිළිතුරු නොදෙන අතර, මේ පිළිබඳව ඇමතිවරයාට අවවාද කිරීමට පැමිණෙන අයට අමුතිත්ත කුණුහරුපෙන් බැණ වදින බව වාර්තාවේ.

මේ පිළිබඳව දැඩි ලෙස කම්පා වී සිටින ඇමතිවරයාගේ පුත‍්‍රයා තම විදෙස් පෙම්වතිය සමග රට හැර යාමට තීරණය කර ඇති අතර, අමාත්‍ය බිරිඳ මේ පිළිබඳව විමසන පුද්ගලයින්ට පවසන්නේ ''මේ මිනිහා ගෑණු සීයක් එක්ක නිදිය ගත්තත් මට කිසිම ප‍්‍රශ්නයක් නෑ. මේ කරන අවලන් වැඬේ නවත්තලා'' යනුවෙනි. නමුත් මර්වින් සිල්වාගේ අතීතය පිළිබඳ දන්නා පුද්ගලයින් පවසන්නේ, මේ වගේ සිද්ධීන් මර්වින් අතීතයේදීත් කළ බවත්, ඔහුගේ හිටපු රියදුරෙකු හා මෙවැනි සමලිංගික සම්බන්ධයක් ඔහු පවත්වා ඇති බවත්ය.

සමලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා විවිධ දේශපාලනඥයින්ට ප‍්‍රසිද්ධියේ අපහාස කරමින් කතා පවත්වනනේ තමනුත් එවැන්නෙකු බව සමාජයට සඟවමිනි. පසුගිය දිනෙක මේ පිළිබඳව අමාත්‍ය මර්වින් සිල්වාගෙන් විමසූ පුද්ගලයෙකුට ඔහු පවසා ඇත්තේ, ''පිස්සුද මචං.... මම මේ අපේ ගෑනිව ඔරොප්පු කරන්න මේක කරන්නේ. තව දවස් දෙක තුනකින් මම ආයෙත් ගෙදර යනවා. මොනව වුණත් අවුරුදු 30 ක් විතර මාත් එක්ක හිටපු ගෑනිනේ. හැමදාම චිකන් කාලා බෑ මචං. ඉඳල හිටල කරෝල කට්ටකුත් සූප්පු කරන්න  ඕනෙ'' යනුවෙනි.     

-- 

No comments:

Post a Comment