Sunday, December 4, 2011

නාන ක්‍රමය..




ගැහැනියක් ලෙස නාන ක්‍රමය :-
  • ඇඳුම් ඉවත් කර නිසි ස්ථානයේ පිළිවලට තබන්න.
  • සම්පූර්ණයෙන් ඇඟ වැසෙන සේ තනපටක් ඇඳගන්න.
  • මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
  • කන්නාඩියෙන් අඟ පසඟ නරඹන්න. එක්සයිස් කිරීමට සිතට ගන්න. ළොව ලස්සනම කාන්තාව තමා නේදැයි කන්නාඩියෙන් අසන්න..
  • වතුර මල යටට යන්න. මුහුණ අතුල්ලනය. අත් අතුල්ලනය, කකුල් අතුල්ලනය, ඇඟ අතුල්ලනය, පිට අතුල්ලනය, විළුඹ අතුල්ලන ගල පාවිච්චි කරන්න.
  • බිත්තර, කෝමරිකා, පිපිඤ්ඤා සහ විටමින් 43 ක් අඩංගූ ෂැම්පු ගෙන හිස කෙස් සෝදන්න.
  • දෙවන වරටත් එසේ කර පිරිසිඳුදැයි බලන්න.
  • ග්‍රේප් ෆෘට්, මින්ට් සහ අලිගැටපේර තෙල් අඩංගු කන්ඩිශනර් යොදා විනාඩී 15 තබන්න.
  • ක්ලීන් ඇන්ඩ් කිලියර් යොදා මුහුණ රත් පැහැ වන තෙක් විනාඩී 10 සෝදන්න.
  • අඟනන් සුරඟනන් කරණ, සුමුදු මුදු පහස දෙන සබන් දමා ඇඟ සෝදන්න.
  • කන්ඩිශනර් සෝදා හරින්න.
  • කිහිලි ප්‍රදේශයේ හා වීට් යොදා කකුලේ රෝම ඉවත් කරන්න.
  • වතුර මල වසන්න.
  • බාත්රූම් එකේ වතුර සියල්ල ඉවත් කර පිරිසිඳු කරන්න.
  • රුසියාව ප්‍රමාණයේ තුවායකින් ඇඟ පිසදාගන්න. තව තුවායක් ගෙන කොන්ඩේ ඔතාගන්න.
  • තුවාය ඉවත් කර ඇක්සයිස් කල යුතු අඟ පසඟ නරඹන්න. කෙස් වැටී ඇත්නම්, ඒ ගැන දුක්වන්න.
  • නැවතත් තන පටයෙන් සැරසී, හිසෙහි තුවාය සමඟින් කාමරය වෙත යන්න.
  • මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.

No comments:

Post a Comment