Wednesday, December 21, 2011

Fwd: අරග්ගු මාත්තියා.. අරග්ගු



---------- Forwarded message ----------
From:


එක පොලිස් රාළහාමි කෙනෙක් හිටියලු කොළඹින් ටිකක් දුර බැහැර පොලිස් චැක් පොයිට් එකක. මිනිහ බීමට ටිකක් කෑදරයිලු. මනුස්සය මැදිවියත් පහු කරල සැදෑ සමයට ඔන්න මෙන්න කියල ඉන්න රාළහමි කෙනෙක්ලු.
දවසක් මුස්ලිම් මනුස්සයෙක් ගෙනා ලොරියක් මේ චැක් පොයින්ට් එකේ නවත්තල අහනවලු විස්තර. දන්නවනෙ ඉතිං රාළහාමිල අහන ඕඩිනරි ප්‍රශ්න ටික.. "කොහෙද යන්නෙ.?" "මොනවද ලොරියෙ.?"
අර මුස්ලිම් මනුස්සය කිව්වලු "අරග්ගු මාත්තියා අරග්ගු.."
"ආ… අරක්කු..! රාළහාමිගෙ කටට කෙළ ඩිංගක් ඉනුවලු. "මොනවද.. හොර බඩුද? ලයිසොන් එහෙම තියනවද?"
"අප්පා… ඔර බඩු නෙවෙ මාත්තියා.. ඔන්ද බඩුතමා.. අපිට ලයිෂන් එක ඔක්කොම තියනවා.." එහෙම කියල මිනිහ ලයිසන් එක ඇද්දලු රාළහාමිට පෙන්නන්ඩ.
"හා.. හා.. ලයිසන් තියනව නං ප්‍රස්නයක් නෑ..!! නානා යන්ඩ.. යන ගමන් ඉස්සර කඩෙන් ඕකෙන් දෙකක් දාගෙන යන්ඩකො.." රාළහාමි කිව්වලු.
ඒ වෙලාවෙ ඉදං රාළහාමි හිටියෙ හැන්දෑ වෙන්නෙ කොයිවෙලාවෙද කියල. ඩියුටි ඕෆ් වෙලා නාගෙන එහෙම ඇවිත් ඩ්‍රන්ක් එක දාන හැටි රාළහාමිට මැවිල පෙනුනලු. තනියම ගහන එකත් හරි නෑ. බෝතල් දෙකක්ම තියන එකේ යලුවො දෙතුන් දෙනෙකුටත් කතා කළා නං හරි. බයිට් එකට බැදපු කුකුල් මස් ටිකක් ගත්තනං පංකාදුයි. තව… තම්බපු කඩල ටිකකුත් ගෙනියන්ඩ ඕනෙ. ෂැන්ඩි වලට කෝක් එකක් හොදයි. ගොල්ලිප් පැකට් එකක්ම ගන්ඩ වෙයි. බෝතල් දෙකක්ම තියන නිසා.. මිදුලෙ අඹ ගහ යට ස්ටූල් එකකුයි පුටු තුන හතරකුයි වීදුරු ටිකයි තියල, තිතට මත් වෙන හැටි ගැන හීන ලෝකයයිලු. කොහොමින් කොහොමිං හරි හැන්දෑ වෙලා ඩියුටි ඕෆ් වෙච්ච රාළහාමි ගෙදර ගියෙ අප්‍රමාණ සංතෝසෙකිං. එහෙම අරගෙන ආවලු කඩේ ගාවට.
"මුදලාලි දවාලෙ ලොරියකින් මට දෙන්ඩ කියල පාර්සලයක් තියල ගිහිං ඇති. ඒක දෙන්ඩකො"
මුදලාලිත් ගෙනැත් දුන්නලු පාර්සලේ.. ගල් ද අති විසේසද බලන්න පාර්සලේ ලෙහනකොටලු රාළහාමිට කෑගැස්සුනේ.
ඒකෙ තිබුණෙ තඩි ගොම්බෙටි දෙකක්..!!
ටියුබ් ලයිට් සදහා ස්ටාටර්- මුස්ලිම් මිනිහ කියල තියෙන්නෙ "හරක් ගූ" කියල.

No comments:

Post a Comment