Monday, January 2, 2012

ළමයින්ගේ තාත්තා



පීටර් උන්නැහේට එනවා නාඳුනන නොම්මරේකින් කෝල් එකක්.
" හෙලෝ පීටර්, මට ටිකක් ඔයාව හම්බුවෙලා කතා කරන්න ඕනේ. ඔයා දන්නවනේ මේ එක දරුවෙක් ඔයාගේ කියලා. මට එයා ගැනයි කතා කරන්න ඕනේ."

"මයි ගෝඩ්! මේ ජෙසිකාද?" පීටර් අහපි. "නෑ" එහා පැත්තෙන් උත්තර දුන්නා."

එහෙම නම් පැමලාද? "නෑ". ආයෙම උත්තරේ ලැබුනා.

"ක්‍රිස්ටිනාද?" "නෑ"

"සොෆියාද?" "නෑ"

"කැතරින්ද?" "නෑ"

"එහෙනම් එලිසාද?" "නෑ! නෑ!! නෑ!!!" මේ පාර එකසිය ගාණට මළ පැනපු බවලතී කිව්වා,

"මං තමයි ඔයාගේ දරුවගේ ක්ලාස් ටීචර්"

මේ වගේ අත්වැරදීම් කරගත් උදවියටත්, අනික් හැමටත් සුභම සුභ නව වසරක් වේවා!


No comments:

Post a Comment