Tuesday, January 10, 2012

බරට බෙහෙත්




ඔය රටවල ඉන්න උන් බගර් ,හැම්, බේකන්, චීස් ඔය වගේ නානාප්‍රකාර කෑම කාලා කාලා බොහොම ඉක්මනට ඌරෝ වගේ වෙනවනෙ. මේ එකත් එහෙම වෙච්ච පොරක් ගැන.පොරට ඕනේ උනා බර අඩු
කරගන්න. ටිකක් ලස්සනට හිටියොත්නේ කෙල්ලෙක්වත් බලන්නේ. එහෙම හිතලා මෑන් හෙව්වා ඉක්මනට බර අඩු කර ගන්න ක්‍රමයක්. මෙහෙත් තියනවානෙ ඔය එක එක ක්‍රම බර අඩුකරගන්න. පන්ති තියනවා, Gym තියනවා. පෙති තියනවා. මෙහෙ වගේ නෙවෙයි එහෙ ඊට වඩා ඉල්ලුම වැඩියි ඔය ක්‍රමවලට. පොර පත්තරේ ඇඩ් එකක් දැක්කා බර අඩු කරලා දෙන පොට් එකක් ගැන. ඇඩ් එක දාලා තිබ්බේ පැකේජ් 3ක් ගැන. එකට Gym යන්න, බර උස්සන්න දෙයක් නෑ. ගෙදරටම ඇවිල්ල
වැඩේ කරලා දෙනවා කියලා තමයි ඇඩ් එකෙ තිබ්බේ. පොරට වැඩේ හිතට අල්ලලා ගියා. පලවෙනි පැකේජ් එක තිබ්බේ දවස් 5න් රාත්තල් 10ක් අඩු කරනවා කියලා. පොර ටක් ගාල ගත්තා call එකක්. අරන් කීවා පොරට පලවෙනි පැකේජ් එක ඕනේ කියලා. "හරි සර්, සර්  free වෙලාව කියන්න අපි පැකේජ් එක ගෙදරට එවන්නම්" කියලා ඔන්න අර පොට් එකේ උදවිය උත්තර දුන්නා. අපේ බුවත් Oder එක දුන්නා.

ඔන්න දැන් පොර ලකලැහැස්ති වෙලා බලාගෙන ඉන්නවා පැකේජ් එක එනකම්.කීව වෙලාවටම ඔන්න ගෙදර  සීනුව වැදුනා. පොර ගිහින් දොර ඇරියා. අම්මටසිරි පොරට කට උත්තරත් නැතිලු. කෙල්ලෙක් ඉන්නවලු නිර්වස්ත්‍රෙන් NIKE සපත්තු දෙකකුත් දාගෙන. (දැන් අහන්න එපා ඇයි NIKE සපත්තු දෙකක් කියලා. එහෙම තමයි මට හම්බවුන Email එකේ තිබ්බේ.) මිනිහට දැන් මෙලෝ සිහියක් නැහැලු. කෙල්ලගෙ බෙල්ලෙ පොඩි note එකක් එල්ලලා තියනවලු. එකේ තිබුනේ " ඔයා
මාව ඇල්ලුවොත් මම ඔයාගෙ" කියලලු. පොර දඩ බඩගාලා කෙල්ල පස්සේ පන්නන්න ගත්තලු. හැතැප්ම ගාණක් දුවලත් පොරට අල්ලගන්න බැරි උනාලු. ඔය විදිහට දවස් 5ක් අර කෙල්ල ආවලු. මූත් දවස් පහම දීවලු. කොහොමහරි බර බලද්දි කීවත් වගේ බර රාත්තල් 10ක් අඩුවෙලාලු. පොරට හෙනම ආතල්ලු වැඩේට. එකත් හම්බ වෙනවා බරත් අඩුවෙනවා.

පොර ඊට පස්සේ දෙවනි පැකේජ් එකත් කරාලු. ඒක සතියෙන් රාත්තල් 20ක් අඩුකරනවා කියලලු තිබ්බේ. ඔන්න පුරුදු වෙලාවට දෙවනි පැකේජ් එක ගෙදරට ආවලු. පොර දුවගෙන ගිහින් දොර ඇරියලු. රූප රාජිනියක් වගේ තිරිකිස් කෙල්ලෙක් හිටගෙන ඉන්නවලු දොර ගාව. කලින් කෙල්ල වගේම තමයි ඇඟේ නූල් පොටක් නෑ. වෙනසකට තියෙන්නේ මේකි පට්ට ලස්සනයි. දාගෙන ඉදලා තියෙන්න REEBOK  සපත්තු දෙකක්. මේකිගේ බෙල්ලෙත් අර පරණ note එකම ගහලා තියනවලු.
"මාව ඇල්ලුවොත් මම ඔයාගේ" . මූ ඉතින් පණ කඩාගෙන අර ගෑනි පස්සේ සතියම දීවලු. කීවත් වගෙම තවත් රාත්තල් 20ක් අඩු වෙලාලු.මුට දැන් මාරම සන්තොසයිලු. වැඩේ ගොඩනේ. මූ කල්පනා කලාලු 3 වෙනි පැකේජ් එකත් ගන්න. ගත්තලු එකක්. අරන් කරාලු වෙන පැකේජ් එක. අර එක කරපු එකා ඉදන් අහනවලු " සර්, සර්ට හොදටම විශ්වාසද සර්ට මේ පැකේජ් එක ඕනේ කියලා? " අපෙ මෑන්  " ඔව් ඔව් අයිසේ, මම දැන් එක පාරක් කිවනේ මට එක ඕනේ. හෙට වෙනදා වෙලාවටම
එවනවා" කියල කීවලු.ඒ පැකේජ් එක දවස් 10න් රාත්තල් 50ක් අඩු කරනවා කියලලු තිබුනේ.

දැන් පොර බලාගෙන ඉන්නවලු. පහුගිය සති දෙකේ ආපු එවා හැටියට තුන්වෙනි පැකේජ් එකට දැක්කහම පිස්සු හැදෙන එකක්ලු පොර බලාපොරොත්තු වෙලා හිටියේ. ඔන්න පුරුදු වෙලාව ආවා. පොරත් මෙලෝ සිහියක් නැතිව ගිහින් දොර ඇරියා. පොරට ඇස් අදහා ගන්න බැරි උනාලු දැක්ක දේ. සිහි නැති වෙන සයිස්ලු. හෙන උස මහත  කොල්ලෙක් ඉන්නවලු එලියේ හිටගෙන. කොල්ලෙක් කීවට අර බොඩිය පුම්බ ගත්තු( body builder ) එකෙක්. ඌත් ඇඟෙ නූල් පොටක්වත් නැතුව
රෝස පාට සපත්තු දෙකක් දාගෙන ඉන්නවලු. කලබල වෙච්ච අපේ පොර අරූගෙ බෙල්ලේ තිබ්බ note එක ඉක්මනට කියෙව්වලු. " මම ඔයාව අල්ලගත්තොත් ඔයා මගේ " .  කීවට විශ්වාස කරන්න අරූගේ රාත්තල් 63ක් අඩු උනාලු ඒ දවස් 10ට



No comments:

Post a Comment