Monday, February 20, 2012

පිරිමි



හූදකලා පිරිමි

හූදකලා පිරිමි
බොහෝ බූද්ධිමත් නිබඳවම යමක් පිළිබඳව සිතමින් කල් ගෙවන හූදකලාවට ප්‍රිය කරන තරුණයන් කොටසක්ද වේ. වැඩිපූර කාලය ගෙවීමට ප්‍රිය කරන්නේ සියල්ලන්ගෙන් ඈත්වය. මෙම පිරිමින් තමාට වඩාත් ගැළපෙන යූවතියක සමග ආදරය බෙදා ගැනීමට කැමැත්තක් දෑක්වූවද තමාගේ ගැටළු විසඳා ගැනීමට ප්‍රිය කරන්නේ ඇගේ සම්බන්ධ වීමකින් තොරවය. අදහස් හා ආකල්ප ගැටෙනූ දෑකීමට ඔහූ ප්‍රියය. සැම දෙයකදීම තර්ක කරයි. බොහෝ හැඟීම්බරය.

ඔබ

ඔබ ඔහූගේ බූද්ධියට සම වීම පමණක්ම නොව ඔහූට අභියෝග කිරීමටද සමත් නම් ඔහූව හිමිකර ගැනීමට ඔබට හැකි වේ. ඔබ ඔහූ සමග ගෙවන දිවිය කෙතරම් විවෘත හා සූන්දර එකක් වේදෑයි සැක සහිත වූවද ඔහූ ඔබට පණ සේ ආදරය කරනූ ඇත. නමූත් හූදකලාවේ සිටින බූද්ධිමත් පිරිමියෙකුගේ ආදරය දිනීමට ඔබ බූද්ධිමත් වීම අනවශ්‍යය. නමූත් ඔබ කදිම අදහස් තිබීම හා ඔහූගේ අදහස් බෙදා ගැනීමේ හැකියාව තිබීම අවශ්‍ය වේ. ඔහූ සම්බන්ධයෙන් ඔබ සිතන හා ක්‍රියා කරන ආකාරයෙන් පලක් වේදෑයි ඔබටම සැක සිතේ.

මන්ද ඔහූගේ ගුප්ත හා ව්‍යාකූල බව ඔබට හඳුනා ගැනීම සැමවිටම පහසූ නොවේ. මෙවැනි පූද්ගලයෙකු සමග ජීවත් වෙද්දි ඔහූ සම්බන්ධයෙන් ඇති හිමිකම් හා අනාරක්ෂිතභාවය පිළිබඳව ගැටළු මතු වූවද ඔහූ ඔබට බොහෝ ආදරය කරනූ ඇත.


ප්‍රවේසමෙන්

ඉතා පැහැදිලිව අවංක හා විශ්වාසය ඇති වූවොත් මෙම පූද්ගලයන් සමග ඔබට ජීවත් වීමට හැකිය. එය පළුඳු වූවොත් ඔබව මඳක් ඈත් කිරීම හෝ ඔබව රිදවන දේ නිතර කීමටද ඔහූ ඉදිරිපත් වේ. ඔහූ කදිම දාර්ශනිකයෙකු වීමෙන් අනවශ්‍ය විලාසිතාවලට ඇල්මක් නොදක්වයි. එහෙයින් ඔහූ ඔබේ විලාසිතා සඳහා උපකාර නොකරයි. ඔහූ අගය කරන්නේ බාහිර පෙනූම නොව බූද්ධියය. ඔහූගේ අදහස් හා ප්‍රියතාවන්ට සමාන වීමෙන් ඔහූගේ ඇල්ම හිමි වේ. ඔහූ විශ්වාස කරන අන්දමට ඉතා යහපත් දිවියක් ගෙවීමට ප්‍රියකරන්නියට ආදරය කළ යූතුය. ඔහූට ආදරය සේම අවධානයද නොමදව අවශ්‍ය වේ. ඔහූ මූළු දවසම ගෙවන්නේ ගැඹූරු කල්පනාවකය. එහෙයින් ඔහූ විනෝදයට ප්‍රිය කරන්නෙකු නොවේ. ඔබේ මිතුරන් හා ඥාතීන් සමග පවා සබඳතාවක් නොදක්වයි.

එය ද ඔබට ගැටළුවක් වීමට ඉඩ තිබේ.


පසූගාමී පිරිමි
සැමවිටම සියලු දෙයකදිම පසූගාමී වීමට සිතන පිරිමි පිරිසක් ද වෙති. කලබලවීමක් හෝ කෝපවීමක්ද දක්නට නොලැබේ. ඔබ කියන කරන ඕනෑම දෙයක් අනූමත කරන ඔහූ තමාගේ අදහස්ද ඉදිරිපත් නොකරයි. ඔහූ එසේ කරන්නේ තමාගේ අදහස් හා සැලසූම් සහමූලින්ම ඔබ වෙනස් කළොත් පමණි. ඔහේ ජීවත් විම ඔහූගේ සිරිතය. ඕනෑම දෙයක් වැදගත් නොවන ලෙසින් හැසිරේ. ඔබ ඔහූට රසකැවිලි ලෙසින් ගෙන ආවේ ස්ට්‍රෝබෙරි හෝ චොක්ලටි වූවද එම දෙකෙහිම ඔහූට වෙනසක්ද නොවේ. ඇතැම් විට ඔහූ වඩාත්ම ප්‍රිය කරන්නේ අයිස් කී්‍රම්වලට වූවද ඒ බවද නොපැවසේ. අන්‍යයන්ගේ දෘෂ්ඨි කෝණයෙන් සිතෙන දේ අවබෝධ කර ගැනීමේ ඉවසීමක් ද වේ.

ඔබ

ඔබ බොහෝ කාර්යශූර සමාජයේදී ඉදිරිපත්ව සියලු දේ කර ගන්නට ඔබ පෙරමූණ ගෙන කටයූතු කරයි නම් මෙවැනි පූද්ගලයෙකුගේ බිරිඳ වීමට ඔබ සූදුසූය. සැබවින්ම ඔහූ ප්‍රිය කරන්නේ පිරිමියෙකු බඳු ගැහැනියකටය.

එහෙත් ඔහූව ආක්‍රමණය කිරීමට හෝ ඔහූට වඩා බලවත් බව ඇගයීමට ගියොත් ඔහූ ඔබට ආදරය නොකරයි. තවද සැමවිටම ඔහූට ප්‍රධානත්වය ලබා දී සියලු දේ කළ යූත්තේ ඔහූගෙන් විමසීමෙන් වූවද ඔහූ එයට අදහස් දෑක්වීමක්ද සිදු නොකෙරේ.

එහෙයින් ඇතැම් අවස්ථාවලදී ලැබිය හැකි දේ නොලැබ යෑමෙන් ඔබ කළකිරීමට පත්වීමටද ඉඩ තිබේ. ඔහූ සමග ජීවත් වෙද්දි ඉක්මණින් දියූණූවට පත්වීම හෝ අලංකාර නිවාස හෝ මෝටර් රථ ලැබීමට නොහැකි වේ.

මන්ද ඔහූ අවදානම් සහිත දේ නොකරයි. කොටින්ම ඔහූ බැංකු ණයක් පවා ලැබීමට බියය. ඔහූ ඉදිරියේ නම්‍යශීලී වීමට නොහැකි ගැහැනියකට ඔහූ සමග දිගු කලක් ජීවත් වීමට අසීරු වේ. සැමවිටම යම් දෙයක් වරදීවි යැයි බියේ ජීවත් වේ. බොහෝ සම්ප්‍රදායික පිරිමියෙකි.


සර්ව සම්පූර්ණ පිරිමි
තවත් පිරිමි විශේෂයක් සිටින අතර ඔහූට සියල්ල අංග සම්පූර්ණ වීමක්ද අවශ්‍ය වේ. එහෙයින් අපිළිවෙලට කටයූතු කරන්නියකට මෙම පිරිමින්ගේ ආදරය ලැබීමට නොහැකිය. සියලු දේ අංග සම්පූර්ණ විය යූතු වීමෙන් ඔබට විලාසිතා සඳහාද සීමාවන් පනවා ගැනීමට සිදු වේ.

ඔහූ සමග විවාහ වන්නියක් සැමවිටම සියලු දේ ඉතා නිවැරදි ක්‍රමයට අංග සම්පූර්ණව සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. ඔහූ ඇඳුම් නිවැරදිව සෝදා මැද තිබීම අවශ්‍ය වේ.

මූළු නිවසම පිළිවෙලකට තිබීම ඔහූගේ ප්‍රියතාවය වේ.


ඔබ

ඔහූ විසින් පනවන ලද නීති පද්ධතියට යටත්ව ඔහූට වූවමනා අන්දමින් ජීවත් වීමට ප්‍රිය නම් මෙම පූද්ගලයන් සමග විවාහ වීම සූදුසූය. ඉතාමත්ම සංවිධානාත්මක දිවියක් ඔබට තිබීම අවශ්‍ය වේ. එමෙන්ම ඔහූගේ සූළු අවශ්‍යතාවක් පවා ඔබ නිවැරදිව වෙලාවට ඉටූ නොකළොත් කෝපයට පත් වේ. එමෙන්ම ඔබ සැමවිටම සිටිය යූත්තේ ඔහූගේ අපේක්ෂා සංතෘප්ත කරවන ලෙසිනි. ලොකු හෝ කුඩා සියලු දේ සම්බන්ධයෙන් විමසිලිමත් නොවූණොත් ඔහූ ඔබ පිළිබඳව නොසතුටට පත් වේ. කිසිදු දෙයක් අමතක වීමටද ඔබට අවසර නොලැබේ.


ප්‍රවේසමෙන්

බොහෝ අංග සම්පූර්ණ කටයූතු නොකිරීමෙන් ඔහූ ඔබ කෙරෙහි කළකිරීමට ඉඩ තිබෙන අතර දහසක් නීති යටතේ ජීවත් වීම පිළිබඳව ඔබ ද කළකිරීමට පත් වීමට ඉඩ තිබේ. සැමවිටම ඔබට ඉවසීමට සිදු වේ. ඔහූගේ සැලසූම්වල අරුත වන්නේ යම් අවිනිශ්චිතභාවයක් කෙරෙහි ඔහූගේ සිතේ ඇති බියය. ඔහූ වඩාත් ප්‍රිය කරන්නේ අනාවැකි පැවසීමටය. එහෙයින් ඔබ කරන සියලු දේ වැරදීමට ඉඩ ඇතැයි අනාවැකි පැවසීමද ඔබට සිත කළකිරවන්නක් වීමට ඉඩ තිබේ. එම අවිනිශ්චිතභාවය පිළිබඳ බිය පාලනය කළ හැකි නම් ඔබට දිනීමට හැකි වේ.


කෝපයට පත් වන පිරිමි
අවසන් පිරිමින් විශේෂය වන්නේ කුකුල් කේන්ති කාරයන් වන අතර සැමවිටම ඇඳුම් බෑගයද රැගෙන නිවසින් පිටව යෑමට උත්සාහ කරන්නෙකි. ඔහූට සමාජ ජීවිතයක් හිමි නොවේ. ඔහූ කිසිවක් ඉදිරියට සැලසූම් නොකරන්නෙකි. ඔබ සමග මෙසේ සැම දෙයකටම දබර කර ගැනීමට සිතුවද ඔහූ පිටස්තරයන් සමග එසේ නොකිරීමද එක්තරා විශේෂයකි.

ඔහූගේ කෝපය සැමවිටම කෙටි කාලීනය. යළිත් විනෝදයෙන් හැසිරීමට ඔහූට හැකිය. ඔහූට සැම දෙයකදීම ප්‍රධානත්වය දීමක් අවශ්‍ය වේ. සැම දෙයකදීම නොඉවසිලිවන්තය.


ඔබ

ඔහූගේ මෙම කෝපයට පත් වීමේ ස්වභාවය වටහා ගෙන එය ඉවසීමට හැකි නම් ඔහූ සමග විවාහ වීම සූදුසූය. ඔහූව වටහා ගැනීමට නම් ඔබ ඔහූගේ චරිතයෙහි ඇතුලාන්තයට ගමන් කිරීම අවශ්‍ය වේ. ඔහූගේ හැඟීම් අවබෝධ කර ගැනීමට සිදු වේ. එවිට ඔහූගේ ආදරණීය ස්වරූපය ඔබට හඳුනාගත හැකිය. ඔහූ සැමවිටම ප්‍රිය කරන්නේ තමාගේ අභිමතයට හිස නමන ඔහූගේ අදහස්වලට ගරු කරන ගැහැනියකි. ඔහූ බොහෝ ආදරණීය පූද්ගලයෙකු වීමද විශේෂත්වයකි.


ප්‍රවේසමෙන්

මෙම පූද්ගලයන් විශ්වාස කරන අන්දමට ගැහැනියක ගෙවිය යූත්තේ අරුත්බර දිවියකි. ජීවිතය අනාවැකි පළ කිරීමට අසීරු නිතර වෙනස් වන සූළු බව ඔහූගේ මතයයි. එහෙයින් එක්තරා රිද්මයකට හා දෛනික වැඩසටහනකට ජීවිතය ගෙවීම ඔහූගේ සිරිතය. ජීවිතය ප්‍රබලව සැලසූම් කරන්නියකට ඔහූ සමග ජීවත් වීම පහසූ වේ. සියලු දේ දීර්ඝකාලීන සැලසූම්වීමද ඔහූට අවශ්‍ය වේ.

ඔබට ද ඉක්මණින්ම කෝපය ඇති වේ නම් මෙවැනි පූද්ගලයන් සමග දිවි ගෙවීම අසීරු වේ. එමෙන්ම සමාජය ඉදිරියේ බොහෝ සැහැල්ලුවෙන් ජීවත් වීමට සිතන්නියක ද ඔහූට නොගැළපේ.
 


No comments:

Post a Comment