Sunday, June 24, 2012

නාමලංකාරය


 

දඹදිවින් ගෙන්වා - "කෑලි" පෙන්වයි කුමරු සොඳවා

 

දේ ජන සේවය
හවහට රගර් බෝලය
රෑට රථ ගායය
කියමි මම නාමලංකාරය

ජන සිත නොරිදවා
වේලාව නොවරදවා
දඹදිවින් ගෙන්වා
"
කෑලි" පෙන්වයි කුමරු සොඳවා

එති කකුල් පාලා
සුරතල් සිනා සීලා
බොළඳ බස් දීලා
කෙලී බොක්කට දැනුම් දීලා


බෝලය කිහිල්ලේ
සාටකය බෙල්ලේ
බිපාෂා කෙල්ලේ
බඩේ පණුවෝ ගසති එල්ලේ

ඇස් දෙක නිලංකාරය
එන පොට බයංකාරය
කාල්ටන් පානිය
රෑට උයමුද රගර් බෝලය

වැසි රිසි නොරිසි දැන
බුරි කිචි කවන ලොකු තැන
සමග පුත් තෙරුවන
වාසනාවන් අපට හැම දින

 



No comments:

Post a Comment