Friday, July 6, 2012

RMV - Vehicle Number Plate system in Sri Lanka...




-RMV -Vehicle Number Plate system in Sri Lanka
 
වාහනයක් ගත්ත මුල් දවස් වල එහේ මෙහේ දුවන කොට තව දෙයක් මතක් වෙනවා..! 
මොකක්ද ? 
අංක තහඩුව ගන්න... 
 
වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.
සමහර ඒවාඅංක,සමහර ඒවා ඩෑෂ්,සමහර ඒවා ශ්‍රී. 
සමහර ඒවා ඉංග්‍රීසි අකුරු. 
මොනවාද මේඅකුරු?
වාහන වල අංක දෙන්නේ කොහොමද?  
 
ජයාරෑප සමහරක් අන්තර්ජාලය තුලින් උපුටා ගන්නා ලදි. 
RMV නැතිනම් මෝටර් රථ දෙපාර්තමේන්තුවට යන්න බො‍හෝමත්ම දෙනා පෙළඹවෙන අවස්ථාවක් තමයි තමන්ගේ වාහනය ලියා පදිංචි කරගැනීම ! 
ගැන වැඩි දුර තොරතුරු ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන්.. මෙතනින්
බලන්න පුළුවන්! 

ලංකාවට වාහන ගෙන්වූ මුල්ම කාලය වුයේ 1902 වසර. 
අන්න වාහන වලට නිකුත් කරපු අංක තහඩු
වල අංක නිකුත් වෙලා තියෙන්නේ "A" "Z "දක්වා අකුරු වලින්.
1940 දක්වා වෙනකන්.
මේ වාහන දැනට නම් භාවිතයේ නෑ. 
කෞතුක වස්තු විදියටප්‍රදර්ශන වලදී නම් කලාතුරකින් දැක බලා ගන්නට පුලුවන්. 
1928 වසරේ මෝටර් රථප්‍රවාහන කාර්යාලය රජයේ දෙපාර්තමේන්තුවක් විදියට ස්ථාපිත වෙනවා. 

1940
වසරෙන් පස්සේ වාහන ලියාපදිංචියට CEYLON යන වචනයේ අකුරු පිළිවෙලට "O" අක්ෂරය හැර CE CY CL CN හා නැවතත් 
ඊට අමතරව වාහන වර්ගය අනුව වෙන වෙනම අකුරු ලබා දීමක්ද සිදුකෙරුනා.. 
 



මේ වාහනත් දැනට භාවිතයේ නෑ. ක්ලැසික් වාහන කියලා වර්තමානයේ හඳුන්වන්නේ මේවා තමයි. වාහන ප්‍රදර්ශණ වලදී නම් දකින්නට පුළුවන්

1956
වසරේ "ශ්‍රී" අකුර වාහන වලට හඳුන්වා දුන්නා.
ඊට පස්සේ 1,2,3 විදියට වාහන පන්ති ලියා පදිංචි කිරීමත් ආරම්භ කලා
මේ ක්‍රමය 1990 වසරේ වෙනස් කිරීමකට ලක්වන්නේ "ශ්‍රී" අක්ෂරය වෙනුවට කෙටි ඉර ("-" ඩෑෂ්) භාවිතයට හදුන්වා දීමත් එක්කමයි. 
 
මෙය නැවත වරක් සංශෝධනයකට ලක් වෙන්නේ 2000 වසරේදීයි. 

මේ විදියට "I" අකුර ඇරෙන්නට JA-JZ දක්වා රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින්ක්‍රෝමියම් ආලේප කරපු විශේෂ තහඩුවක වාහන අංක නිකුත් කරලා තියෙනවා. අනිත් විශේෂත්වය වුයේ මේ අංක තහඩුනිකුත් කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පමණයි. 
එම ස්ටිකරයේ වාහනය ලියාපදිංචි කල වර්ෂය, ඉන්ධන වර්ගය, වාහන පන්තිය ආදී විස්තර ඇතුලත් කර තිබුනා. 

මේ ක්‍රමය 2005 වසරේ ජූනි මාසයේ නැවතත් වෙනසකට ලක් වෙනවා. වාහන පන්ති අනු වෙනස් ආකාරයේ අකුරු පිළිවෙලක් නැවතත් භාවිතා වීම ආරම්භ වෙනවා. හැබැයි වාහනය අයිති පළාතත් එම අංක තහඩුවෙම සඳහන් කරමින්. 

රතු පැහැති P අකුරක් යෙදී ඇත්නම් එහි සඳහන් වන්නේ එම රථය තීරුබදු රහිතව බලපත්‍රයක් යටතේ (Permit) ආනයනය කරන ලද්දක් බවයි. 

ත්‍රීරෝද රථ, මෝටර් සයිකල් වගේ ඉක්මනින් විකිනෙන වාහන වල අංක මේ පටන් ගැන්මේ ඉදලා දැන්බොහෝ දුරට ගොස් තියනවාකියලා ඔයාලාට තේරෙනවා ඇති. 
 

ඒවා හදුන්වන්නේ ගරාජ් අංක විදිහටයි. යම් රථයක් ආනයනය කල පසු වරායේ සිට ආදාල අලෙවි කරන ස්ථානයට ගෙනයාමට පමණක් එම රතු පැහැ ගරාජ් අංක තහඩුව භාවිතා කිරීම සිදුකල හැකි බව පැවසේ. 2012 ජනවාරි මස සිට එවැනි ගරාජ් අංක මගින් මාර්ගයේ අනවසරයෙන් ධාවනයකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ලබයි. 




No comments:

Post a Comment