Monday, March 3, 2014

fb ඇති කලේ ඇයි..?


ඒ තුලින් බලාපොරොත්තු වුනේ මොකක්ද...
ඒ තුලට ඇවිත් හැසිරෙන්නේ කොහොමද...
ඒ තුලින් මිතුරන් කරගත යුත්තේ කාවද....
ඒ මිතුරන් විශ්වාස කල යුත්තේ කෙසේද...
එම මිතුරන් සිටිය යුත්තේ මිතුදම වෙනුවෙන්ද ආදරය වෙනුවෙන්ද...

මේ දේවල් හොදින් තේරුම් ගෙන එෆ් බී එක තුලට එන කිසිම දියණියකට , මවකට කිසිම දිනක ගෙල වැළලා ගෙන මැරෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ...

-අනු

  • Chathu Fernando (උපුටා ගැනිම Kadulu Ganthera) කවුරැ හරි සිය දිවි හානි කර ගත්තම ඒ දෙන්න හමබ වුනේ බුකියෙන් නම්.... ෆේස් බුක් සබදාවත් නිසා තරැණයෙක්/තරැණියක් දිවි නහගනියි කියන වචන හයිලයිට් කරන්නෙ මාධ්‍යය වලින්... අපි කවදාවත් කියන්නෙ නැහනේ පංසලේ කඨින පිංකමේ දී ඇති වූ සබදතාවක් නිසා.. පල්ලියේ ඉරිදා දේව මෙහෙයේදී ඇති වු සම්බන්දතාවයක් නිසා. නැතිනම් දුම්රයේදී ඇති වූ සබදතාවක් නිසා .. සිත් තැවුලට පත් එකෙක් ගෙල වැළදා ගෙන මිය යයි කියල...ඒ තැන වලදි හම්බ වෙච්ච එවුනුත් දිවි හානි කර ගන්නවා... ඇයි ඒවා උලුප්පා නොපෙන්වන්නෙ. මාධ්‍ය කරැවෝ බොහෝ දෙනෙක් සොයන්නෙම කුණුය..
  • Anu Illanganthillake ඒ තැන් වල හමුවෙන්නේ දකින මුහුනු ... මේ තැන් වල අපි දකින්නේ ඇත්තටම මේ පෙන්වන පොටෝ වල ඉන්න අයමද කියලා එකවරක් නොව දහවරක් සිතිය යුතුමයි
  • Anu Illanganthillake ලොකුම කනගාටුව ෆේස් බුක් ආදරය සාධාරන කරන්නේ ඒ ආදරයට මැදිවෙලා විවිද ගැටළු ඇති කර ගත් අයමයි... ඒ අයගේ දෙමව්පියන් දන්නෙවත් නැහැ තමන්ගේ දියණිය මේ තුලට පැමින මොනවද කරන්නේ කියලවත්..
  • Chathu Fernando fb ආදරය විවාහය දක්වා ඇවිත් විවාහ ජිවිතයත් බොහොම සාමකාමීව ගෙවන නිසා මට ඒ ගැන නම් අසුබවාදි හැගිමක් නැ ......
    fb එකෙන්ම විතරක්ද නොදැකපු අය ආදරේ කරන්නෙ (පැනෙ මිතුරො ).... රුපෙ නොදැක ආදරේ කරල සතුටින් ජිවත් වන අය ඕන තරම් ඉන්නව...... එතකොට දැකල දැන අදුනගෙන අවුරුදු ගනන් ආදරේ කරපු අය දිවිනසා ගන්නෙ නැද්ද????????????
  • Inaje Dilshan Fernando fb ආදරය විවාහය දක්වා ඇවිත් විවාහ ජිවිතයත් බොහොම සාමකාමීව ගෙවන නිසා මට ඒ ගැන නම් අසුබවාදි හැගිමක් නැ ......
    fb එකෙන්ම විතරක්ද නොදැකපු අය ආදරේ කරන්නෙ (පැනෙ මිතුරො ).... රුපෙ නොදැක ආදරේ කරල සතුටින් ජිවත් වන අය ඕන තරම් ඉන්නව...... එතකොට දැකල දැන අදුනගෙන අවුරුදු ගනන් ආදරේ කරපු අය දිවිනසා ගන්නෙ නැද්ද????????????
  • Inoka Kariyawasam අනූ කියලා තියන කතාව ඇත්ත .. හොදින් තේරුම් අරගෙන ඕන fbයන්න .එවිට ප්‍රශ්න නැහැ .
  • Inaje Dilshan Fernando වදුරෙකුට දැලි පිහියක් ලැබුනොත් ඌ කපා ගන්නව.......... මේ ප්‍රශ්නෙම 2000 වර්ශයට ආසන්න කාලය තුල ජංගම දුරකතන නිසත් ඇති උනා ........... ඒත් අද ඒක කාටවත් මතක නෑ ....... ගැටලුව fb එක නොවේ, එය බාවිතා කරන අයගේ මානසික තත්වයයි ...
  • Inoka Kariyawasam ඔව් ඔව් ඔයා හරි .
  • Anu Illanganthillake api fb eken mona tharam yahapath de gannawada, monatharam yahapath de loakayatath denawada.. Oanama deyak baavithaa karanavita e gana honda danumak athi kenekgen ho upadesak ganna oana.
  • Inaje Dilshan Fernando ඉස්සර කිවේ ඔක්කොම කුනු බේරුවල බොක්කට කියලා දැන් ඒක ෆ්බ් එකට ඇවිත්.. 
  • Inoka Kariyawasam කාලේ හැටි තමා .
  • Chanaka Aruna Munasinghe .
    පිහියකින් ඇනගෙන සිය දිවිනසා ගත හැක : එමනිසා පිහි තහනම් කරමු
    ලණුවකින් ගෙල වැලලාගෙන සිය දිවිනසා ගත හැක : ලනු තහනම් කරමු
    වතුරට පන සිය දිවිනසා ගත හැක : ජලාශ ටික ගොඩ කරමු
    මුහුදට පැන සිය දිවිනසා ගත හැක : රට වටා ලොකු තාප්පයක් ගහමු
    ගොඩනැගිල්ලකින් පැන සිය දිවිනසා ගත හැක : සියලු ගොඩනැගිලි කඩා සමතලා කොට , එළිමහනේ ඉම්මු
    ගසකින් පැන සිය දිවිනසා ගත හැක : ගස් ටික කපමු
    ගවයන් රකින්න ගොස් සිය දිවිනසා ගත හැක : එමනිසා ගවයන් මරමු

    මට නිකම් පිස්සු වගේ.
    (copied)
  • Inaje Dilshan Fernando මෙන්න නියම කතාව 
  • Chandima Godage Hema dekama seemawa therum aran katauthu karanna purudu wenna ona..netherena ayata pahadala denna ona. Wisheshayen lamainta me de wedihitiyan washayen api kiyadiya uthui.
  • Nil Gunawardana මට හිතෙන්නේ fb කියන්නේ 'සමාජ වෙබ් අඩවියක්' නේ ඉතිං ඒ ගනේට වැටෙනා ඕනෑම දෙයක් කරන්න පුළුවන් මෙතැන. ආදරේ වුනත්. මිතුරුකම, දැනුම, විනෝදය ඔය හැම දෙයක්ම.. ඛේදවාචකය තියෙන්නේ fb එකතුල නෙමෙයි අපේ සැබෑ සමාජයේ. අපේ පවුල තුළ තියෙන සම්බන්ධතා නැතිවෙලා. ඉස්සර අපිට මොනවා වුනත් (තවමත්) මුකුත් නැහැ එකම විසඳුම ගෙදර ඇවිත් අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට කියලා ප්‍රශ්නෙකට පිළිතුර හොයන එක, හොඳ යාලුවෙක්ට කතා කරන එක, මොනවා වුනත් ගෙදර දොර ඇරිලා තිබුණා සහ තියෙනවනේ අපිට. නමුත් දැන් එහෙම නැහැ ඒ පරිසරය නැති වෙලා. අනික තත්වයක් ඇවිත් තියෙනවා හැමෝම ගොඩක් වෙලාවට දරුවන්ට අවබෝධයක් නැහැ ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා කියලා ඉතිං දරුවෝ හැම වෙලේම දකින්න තියෙන වැඩියෙන්ම ඇහෙන ප්‍රශ්නෙට විසඳුම සියදිවි නසා ගැනීමට යොමු වෙනවා. අපි මාර විදියට self centered වෙලා තියෙන එක, මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අර්බුධයේ ප්‍රතිපලයක් ලෙස ළමයි පාසැල තමන්ගේ කටයුතු ටික හරියට කරගන්න, විභාග වලට අවශ්‍ය විදියට සුදානම් වෙන්න, ඒ විදියට හැදෙන්න දෙමව්පියෝ උනන්දු දරුවන්ව කරවන්නේ. ඉතිං යාළුවො නැහැ. ගුරුවරු එක්ක යාලු නැහැ, සහෝදර සහෝදරියෝ එක්ක යාලු නැහැ, දෙමාපියෝ එක්ක යාලු නැහැ....පුදුම සංකීර්නයි ප්‍රශ්නේ.. දිගින් දිගටම හිතනකොටත් බයයි. ඉස්සරහට තව මොනවා වෙයි ද දන්නේ නැහැ....
  • Nil Gunawardana එක දවසක් මේක ගැන වැඩසටහනක් ගියා..අක්ක කෙනෙක් කතා කළා ඇමරිකාවේ ඉඳන් එයාගේ නංගිට මානසික රෝගයක් වැළඳිලා බෙහෙත් කරමින් ඉන්නවා කිව්වා ඇමරිකාවේ. ලාංකිකයෝ. නංගි fb එක හරහා කසාද බැඳපු පුද්ගලයෙක් එක්ක යාලු වෙලා ඒ මනුස්සයා සම්බන්ධේ නවත්වලා මෙයාට පිස්සු හැදිලා. බලාගත්තු අත බලාගෙන ඉන්නවා විතරයිලු නංගිගේ වැඩේ. හැබැයි ඒ අක්කා කියනවා මම කොහොම හරි නංගිව මේ තත්වයෙන් ගලවගන්නවා කියලා. ඒ වගේම මම වැඩ කරපු ඔෆිස් එකක නංගි කෙනෙක් හිටියා fb ඒක හරහා කොරියාවේ ඉන්න මල්ලි කෙනෙක් එක්ක යාලු වුනා. ඔෆිස් එකේ ඉන්න හැමෝම බය වුනා මොකද මෙයා ගමේ ඉඳන් කොළඹ ඇවිත් පළවෙනි රස්සාව කරමින් හිටියේ. ගමෙන් කොළඹ ආවෙත්, computer එක ඇල්ලුවෙත් internet ගියෙත් fb ගියෙත් ඔක්කොම එක සැරේට, මං හිටපු ඔෆිස් එක එකිනෙකා අතර හොඳට සම්බන්ධකම් තියෙන වර්ගයේ ඔෆිස් එකක් ඉතිං අපිට සිදුවුනා මේ සම්බන්ධෙට පොලිස් part එක act කරන්නත් වෙලාවක. හැබෙයි අද දෙන්නා විවාහ වෙලා හොඳ ජිවිතයක් ගත කරනවා. මට හිතුනා මට මෙහෙම දෙයක් වුනත් මගේ අක්කාත් අනිවාර්යෙන්ම මාව බලාගනියි. මට මෙහෙම වුනත් අනිවාර්යෙන්ම ඔෆිස් එකේ අය යාළුවො ඉන්නවා මට මග පෙන්වන්න පුළුවන්....ඉතිං මට හිතුනා මෙන්න මෙතැනයි point එක කියලා...අපේ මානුෂීය සම්බන්ධකම්...
  • Sachi Perera ලංකාවේ මාධ්‍ය භාවිතාව ගැන තියන්න හොඳ උදාහරණය තමයි මේ. මේ ඔක්කොම ප්‍රවෘත්ති වාර්තාකරණයේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි "ප්‍රධාන වගඋත්තරකාරයා" ෆේස්බුක් කරන එක. මේ එන්න හදන්නේ මොකාටද කියන ඒක පැහැදිලි නැද්ද? 
  • Nil Gunawardana ඔව් සචී ඒගොල්ලෝ ඒගොල්ලන්ට භාර වෙලා තියෙන රාජකාරිය හරියටම කරනවා. සමහරවිට අර මාසෙකට සැරයක් තියෙන පාටි එකේදී හම්බ වුනු රාජකාරියක් වෙන්නත් පුළුවන්. 
  • Shadeeka Fernando මම නම් හිතන්නේ මෙවැනි බාල වයස්කාර දරුවන් FB නිසා ගෙල වැලදාගැනීම් හෝ සියදිවි නසාගැනීම් වලට පළමු වැරදි කරු දෙමාව්පියන් දරුවන්ට නිසි වයසේදී ජගම දුරකතන හෝ අන්තර්ජාල පහසුකම් ලබාදීම කල යුතුයි. අවුරුදු 15-20 අතර කාළය කියන්නේ දැනුම අතින් පරිපුර්ණ වුවෙක් නොවෙයි. ඔවුන් දැනුම හඹා යන්නන්. එන ප්‍රශ්න වලට එඩිතරව මුහුණ දීමට තරම් අත්මශක්තියක් වත් ඔවුන් ප්‍රගුන කරලා නැහැ. නිසි වයසේදී මුහුණ දිය යුතු සමාජය ඔවුන් කිසිම දැනුමකින් තොරව කලින්ම මුහුණ දෙනවා හේතුව නිවසින් හමුවන සීමාවක් නොමැති නිදහස දෙමාපියන් ආදරයට දෙන නිදහස දරුවන් නොතේරුම් කම නිසා වැරදි විදිහට පරිහරණය කරනවා. ඒ පරිහරනයේ අනිසි ප්‍රතිපල දරුවන් මානසිකව වැටෙමින් දෙමාපියන්ට කදුලක් එක් කරනවා. මෙයට වැරදි පවතින තාක්ෂණය වත් ගුරුවරුන්වත් මේ පවතින සමාජ ක්‍රමයවත් නෙමේයි. මගේ ඍජු දෝශාරොපණය මම එල්ල කරන්නේ දෙමාපියන්ට පමණයි. දෙමාපියන්ගේ වගකීමයි දරුවන්ට දියයුතු සහ නොදිය යුතු දෙය තීරණය කිරීම අද බොහෝ දෙමාපියන් දරුවන්ට එය තීරණය කිරීමට ඉඩ හැර ඔවුන් ඔවුන්ගේ කාර්‍යන්හී වියස්තව සිට වරදක් සිදු වු විට සමාජයට ඇගිල්ල දිගු කිරීම නැවතිය යුතුයි. සමාජයේ සාර ධර්මයන් පවා ගොඩනැගිය යුත්තේ නිවසේදියි නොමැතිව සමජයේදී නොවෙයි. මේ සැම දෙයකම පරිහානියට වගකිව යුත්තේ දෙමාපියන්ම විතරයි. එය තමයි කවුරුත් දැන සිටියත් නොදන්නවා වගේ ඉන්න තිත්ත ඇත්ත.
  • Inaje Dilshan Fernando අනිවර්යෙන් ........
  • Nil Gunawardana මටනම් පවුලයි සමාජයයි කියන්නේ දෙකක් නෙමෙයි. සමාජය තුළ කොටසක් තමයි පවුල....සමාජයේ ඛේදවාචක වල ප්‍රතිබිම්බ තමයි පවුලෙන් අපිට පෙන්නේ...එක උදාහරණයක් දැන් දෙමව්පිය දෙන්නම වැඩ කරන්නේ නැතුව ජිවත් වෙන්න අමාරුයි. ඉතිං වැඩ කරන දෙමව්පියෝ පෙළඹෙනවා ගොඩාක් පහසුවතකා තමන්ගේ ළමය ළඟ දුරකතනයක් තියන්න. මොකද ළමයාත් දැන් සංකීර්ණයි අර පන්තියෙන් මේ පන්තියට, ඉස්කෝලෙන් practice වලට ඔයවැනි. අම්මට තාත්තට ළමයින්ට කතා කරන්න වෙලාවක් නැහැ. ඒ වෙලාව හදාගත්තොත් ළමයාව මේ තරඟයේ දුවවන්න අවශ්‍ය අරමුදල් සම්පාදනය අඩාල වෙනවා. අපි ඕනෑකමින් නෙමෙයි නොදැනුවත්වම...අහුවෙලා මේ සමාජ ක්‍රමයේ වැරැද්දට...මේකට විසඳුම් හම්බවෙන්නේ නැතුව එන්න එන්න ප්‍රශ්නේ වැඩි වෙන්නේ ඒකයි. අපි ප්‍රශ්නෙට විසඳුම හොයන්නේ අපි තුළ අපේ පවුල තුළ ඒත් විසඳුම තියෙන්නේ එතන නෙමෙයි කියලයි මටනම් හිතෙන්නේ......මේ මගේ අදහසයි.

No comments:

Post a Comment