Wednesday, September 24, 2014

පෝර්ට් සිටි ව්‍යාපෘතියේ හෙළුව මෙන්න


පසුගිය 16 වෙනි දින චීන ජනාධිපතිවරයා දිවයිනට පැමිණියේය. ආණ්ඩුව සියලූ වැර යොදා චීන ජනාධිපතිවරයා පිළිගැනීමට කටයුතු සූදානම් කර තිබිණි. චීන ජනාධිපතිවරයෙකු ලංකාවට පැමිණියේ වසර විසිඅටකට පසුව වීම විශේෂත්වයක්ද විය. 

චීන ජනාධිපතිවරයා ලංකාවට පැමිණියේ විශේෂ කාරණා කිහිපයකටය. එක් කරුණක් වූයේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන අදියර විවෘත කිරීමටය. අනෙක් කාරණය වන්නේ ඉදිකිරීමට යෝජිත වරාය නගර (පෝර්ට් සිටි) ව්‍යාපෘතියට මුල්ගල තැබීමටය. 

තෙවන කාරණය වන්නේ විවිධ ගිවිසුම් විසිහතක් පමණ අත්සන් කිරීමටය. කෙසේ වෙතත් ඉදිකිරීමට යෝජිත පෝර්ට් සිටි ව්‍යාපෘතිය මුළුමනින්ම පාහේ චීන රජයට අයිති ව්‍යාපෘතියකි. එහි සංවර්ධන කටයුතු සියල්ල කරන්නේ චීන සමාගමක් විසිනි. චීනයට එම ඉඩම් ප‍්‍රමාණය ලබාදී ඇත්තේ 99 අවුරුදු බදු පදනම යටතේය. 

ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා විසින් සැප්තැම්බර් මස 11 වන දින නිකුත් කරන ලද අංක 1897/14 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මෙම අතිවිශාල බදු සහනය එම ව්‍යාපෘතියට ලබාදී ඇති අතර ඒ අනුව ව්‍යාපෘති සමාගම ජනනය කරන ලාභය හා ආදායම මත ආදායම් බදු ගෙවීම වසර විසිපහක කාලයක් සදහා නිදහස් කර ඇත. 

එමෙන්ම එම බදු නිදහස් කිරීම ඇරඹෙන්නේද ව්‍යාපෘති සමාගම ලාභ ඉපැයීම ආරම්භ කළ වර්ෂයේ සිට හෝ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඇරඹී දිනයේ සිට වසර හයක් සැපිරීම යන අවස්ථා දෙකෙන් පළමුව එළැඹෙන අවස්ථාවේදීය.

එමෙන්ම ව්‍යාපෘතියේ ලාභවලින් කොටස් හිමියන් වෙත බෙදා දෙනු ලබන ලාභාංශ, ලාභාංශ මත බද්දෙන් පළමු අවුරුදු විසිපහක කාලයට හා ඉන්පසු එළැඹෙන වසරක කාලයකට නිදහස් කර ඇත.

තවද රදවා ගැනීමේ බද්දෙන්ද, ව්‍යාපෘතියේ විදේශ කාර්ය මණ්ඩලයේ උපරිම තිස්දෙනෙකු උපයන විට ගෙවීමේ බද්දෙන්ද පළමු වසර අටක කාලය සදා ව්‍යාපෘතිය සදහා ආනයනය කරන භාණ්ඩ හා දේශීය වශයෙන් මිලදී ගන්නා භාණ්ඩ සදහා එකතු කළ අගය මත බද්දෙන්ද නිදහස් වේ.

ව්‍යාපෘතිය සදහා භාණ්ඩ ආනයනය කිරීමේදී වසර අටක කාලයක් සදහා වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධණ බදු පනතින්ද, එම කාලය සදහා ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරුවන් හා උපකොන්ත‍්‍රාත්කරුවන් සදහා ඉදිකිරීම් හා කර්මාන්ත සහතික අරමුදල් බද්දෙන්ද නිදහස ලබාදී ඇත. 


වසර අටක කාලයක් සදහා නිෂ්පාදන බදු ගෙවීමෙන්ද සෙස් බදු ගෙවීමෙන්ද සෙස් බදු ගෙවීමෙන්ද ජාතිය ගොඩනැගීමේ බදු ගෙවීමෙන්ද, රේගු බදු ගෙවීමෙන්ද කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය නිදහස් කර තිබේ.

කෙසේ වුවද මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ කටයුත්ත මහත් උත්කර්ෂයෙන් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළේය. උත්සවය සදහා සහ ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අති විශාල මුදලක් වැයකරන ලදී. 

තවද මීට මාස හයකට පමණ ඉහතදී විවෘත කරන ලද දකුණු කොළඹ වරාය ව්‍යාපෘතියද අයත් වන්නේ චීන රජයටය. එම ව්‍යාපෘතියෙන් වසර තිස්පහක් පමණ ගතවන තුරු ආදායම ලබාගන්නේද චීන රජයය. මෙම චීන වරාය ව්‍යාපෘතිය සහ එරට තිබෙන සී.අයි.සී.ටී. නම් විශාල වරායට අනුබද්ධ කොටගෙන චීන රජය විසින් මෙම පෝර්ට් සිටි ව්‍යාපෘතිය ඉදිකරනු ලබයි. 


- See more at: http://www.gossipbook.lk/2014/09/blog-post_28.html#sthash.aAPvNJTg.dpuf

No comments:

Post a Comment