මෘදුකාංග ඉංජිනේරු නමින් හදුන්වන පහත් කුලේ රැකියාවක නියුක්ත වූවන් පිරිසක් තම පාළුව කාන්සිය මකා ගැනීම සදහා රාත්‍රී කාලයට එහා කියුබිකල් එකේ තම සගයාට ඇසෙන සේ කියන කවි මෘදු කවි නම් වේ.
ඉන්නේ නාවලයි AC එකක් යට
කන්නේ බිස්කටුයි රට චොකලට් රහට
බොන්නේ NestCafeයි පූරුවෙ කල පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට
Google කරලමයි System හදන්නේ
එම Code බලලමයි ඇස් දෙක රිදෙන්නේ
ASE නෙමෙයි SE බර අදින්නේ
පිටරට එවුන්ටයි අපි වැඩ කරන්නේ
අම්මාපල්ල QA අත වරද නැති
අපේ තියන වැරදී උන් හදුනගතී
Devලා කරන Code වලට හානි නැති
Style කරනවුන් නරකා දියේ යතී
ප.ලි – නම් ගම් මනඃකල්පිතයි.
No comments:
Post a Comment