Friday, March 14, 2014

නීති විරෝධී ජාවාරම්වල යෙදෙන පාකිස්තානුවන්

කාලයක් තිස්සේ මෙරට රැඳී සිටින පාකිස්තානුවන් මෙරටට මහා පරිමාණයෙන් හෙරොයින් තොග රැගෙන විත් බෙදා හරින බැවින් එසේ දීර්ඝ කාලයක් මෙරට රැඳී සිටින පාකිස්තානුවන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කළ යුතු බව ආරක්ෂක බුද්ධි අංශ රජයට දැනුම් දී තිබේ.ඔරුගොඩවත්තේ පිහිටි රේගු අංගනයේ දී රේගුව විසින් ඉකුත් 06 වෙනිදා රාත්‍රියේ සොයාගන්නා රුපියල් මිලියන 270 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 36 ද මෙරටට හොර රහසේ රැගෙන විත් ඇත්තේ පාකිස්තානුවෙක් බවත් ඔහුද මෙරට දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටින්නෙක් බවත් මේ වන විට අනාවරණය වී ඇත.
පෞද්ගලික භාණ්ඩ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය බව සඳහන් කරමින් හෙරොයින් සැඟවූ තහඩු පෙට්ටි දෙකක් ඔහු පාකිස්තානයේ සිට මෙරටට ගෙන විත් ඇති බවත් 06 වෙනිදා සවස එය මුදාගන්නට පැමිණි අවස්ථාවේදී පාකිස්තානුවා රේගුවට ඉදිරිපත් කර ඇත්තේද 2010 වසරේ කල් ඉකුත් වූ පාකිස්තානු ගුවන් ගමන් බලපත්‍රයක් බවත් සඳහන්ය. ඔහුගේ නමින් මෙරටට රැගෙන විත් තිබුණු තහඩු පෙට්ටි දෙක එහිදී රේගු නිලධාරීන් පරීක්ෂා කිරීමට සූදානම් වත්ම ඔහු පලාගොස් ඇති බවද සඳහන්ය. මත්ද්‍රව්‍ය නීති විරෝධී උපත්පාලන උපකරණ ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය මෙරටට බහුලව ගෙන එන්නේ පාකිස්තානුවන් බව රේගු නිලධාරීන්ට පෙනී ගොස් ඇත. මේ වන විට කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිතව පාකිස්තානුවන් පවුල් පිටින් පදිංචි වී ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින බවත් ඒ අය අතර නීති විරෝධී ජාවාරම්වල නිරතවන්නන් බහුලව සිටින බවත් බුද්ධි නිලධාරීන්ට පෙනී ගොස් තිබේ.

No comments:

Post a Comment