Tuesday, April 1, 2014

සර්පයින් සමඟ වාසේ... ඔබට බොහොම ප්රයෝජනවත් වේවි.....



සර්පයින් සමඟ වාසේ... ඔබට බොහොම ප්රයෝජනවත් වේවි..... 


පසුගිය බ්රහස්පතින්දා දවසක මගේ ත්රීවීල් රථාචාර්ය ඉන්දික මල්ලිගෙන් කෝල් එකක් ආවා... දෙබස සිද්ධ උනේ පහත ආකාරයට


අභීත අයියා.. කොහෙද ඉන්නේ....


ගෙදර ඉන්නේ.. මොකෝ කලබලේ...


අපේ මාමලාගේ ගෙදර අලුතෙන් කපපු ටොයිලට් වලට නයෙකුයි පොළගෙකුයි වැටිලා.. දෙන්නම් හෙන පත සයිස්...


අනේ බොරු නොකියා හිටපන්.. නයයි පොළඟයි කොහොමද එකටම වැටෙන්නේ වලට...


නෑ.. නෑ.. ලෑස්ති වෙලා ඉන්න.. මම දැන් එන්නම් ගෙදරට... ගිහින් බලමු බොරුද කියලා..


හරි වරෙන්....


කෝකටත් මගේ සගයා ජීවිතය වචනයෙන් ලියන සෝරෝටත් කැමරාවත් අරගෙන ලෑස්තිවෙන්න කියලා දුරකථන ඇමතුමක් දීලා මම ගමනට සූදානම් වුනා... නයි පොලොන් කතා කිව්වොත් ගෙදරින් යන්න ලැබෙන්නේ ප්රශ්ණ පත්තරේකට උත්තර දීලා නිසා මම රාජකාරී ගමනක් යන මුවාවෙන් ඉන්දිකත් එක්ක එලියට බැස්සා... ගිහින් බලපුහාම ඇත්ත නේන්නම් මේ ඉන්නේ දෙන්නම එක වලේ.... කෝ කියලද අහන්නේ... ඔන්න පින්තූරේ....
 
අලෝක තත්ත්වය නිසා ඡායාරූපවල ගුණාත්මක භාවය ගැන තරහා අවසර....  මේක ඇත්තටම හරිම භයානක තත්ත්වයක්.... ලංකාවේ වෙසෙන සර්පයෝ අතරින් විස වැඩිම ලෙස පෙල ගැස්සුලෑත් මේ ඉන්නේ පළවෙනියයි පස්වෙනියයි.. දෙන්නම මාරාන්තික විෂ සහිත සර්පයින්.... නයා අඩි හත හමාරක් විතරත් තිත් පොළඟා අඩි හතර හමාරක් විතරත් දිගයි... තිත් පොළඟා ගෑනු සතෙක්.. ඇයගේ උපරිම ප්රමාණයට වැඩී තියෙනවා... මේ කොට්ටාව නගරයේ ඉඳලා කිලෝමීටරයක් ඈතින් සිද්ද වෙච්ච සිද්ධියක්... ඔබට මතක ඇතිනෙ මීට මාස දෙකකට කලින් බත්තරමුල්ලේ පැලවත්තේ පොළගෙකු දශ්ඨ කිරීම නිසා කාන්තාවක් මිය ගියා... ඉන් අනතුරුව කල සොයාබැලීම් වලදී පොලොන් පැටවුන් 8 දෙනෙක් හමුවෙලා තිබුනා... ඒ නිසා මේ පින්තූර දිහා බලලා හාස් හූස් ගානවාට වඩා මෙහි තිබෙන අවධානම වටහා ගැනීමයි වැදගත්..
 
කොහොම හරි අපි දෙහිවල සත්වොද්යානය දනුවත් කරලා එහි උරග අධීක්ශණ නිලධාරී ප්රේමසිරි පේරිස් මහත්තයාව එක්කගෙන ආවා.... ඔහුනම් කරන්නේ මිල කල නොහැකි සේවයක්.. ඔහු මේ දෙන්නව අල්ලගත්ත හැටි තමයි පහත ඡායාරූපවල තියෙන්නේ....    
 
තත්ත්වය පිරික්සා බලමින්
 
පළමුව ගොඩට එන්නේ නයා.. අඩි හත හමාරක් පමණ දිග එක්කෙනෙක්....
 
ආරක්ෂිත ප්රදේශයකට..... 
 
පේනවනේ.. පෙනෙන්මයි අල්ලගෙන ඉන්නේ....
 
 
මල්ලක් ඇතුලට නයානම් ගියා ඔන්න....
 
මෙන්න පොළඟා.. අඩි හතර හමාරක් විතර... පීරිස් මහත්තයා කියපු විදිහට
 
මෙයා අවුරුදු 12ක විතර ගෑණු සතෙක්.. දැනටත් මෙයාගේ කුසේ පැටවුන්
 
හතලිහක් විතර ඉන්නවා.... එයාලා එලියට ආවානම්...
 
ලංකාවේ විෂ වැඩිම සර්පයාගේ ලොකුම ප්රමාණයේ එක්කෙනෙක්
 
බෑග් එකට යන්න ඔන්න මෙන්න කියලා...
 
ඔබ කරනා මෙහෙය මිළ කළ නොහැකියි.. මැතිතුමනි....
 
විෂඝෝර සර්පයින් දෙන්නෙක් අත් දෙකේ 
තියාගෙන ටිකක් හිනාවෙමින්...
 
සත්වෝද්යානයට මුදාහරින සර්පයින්....
 
ඉතින් මේ කාරිය අවසන් වෙලා පීරිස් මහත්තයාත් එක්ක ලඟ තිබ්බ කඩේකට වෙලා නූඩ්ල්ස් එකක් කමින් කතා කරන්නට මට අවස්ථාව ලබුනා.... ඔහු දුන්න උපදෙස් වලට අනුව ඔබට වැදගත් දේවල් කිහිපයක් සටහන් කරන්නයි මම මේ සූදානම් වෙන්නේ..... ඒ කියන්නේ ඔබට හෝ ඔබ දන්න කියන අයෙකුට සර්පයෙකු දෂ්ඨ කලොත් කල යුතු ප්රථමාධාර ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සුදානම් වෙන්නේ...
 
මූලික ප්රථමාධාර
  ගලා යන වතුරෙන් තුවාලය සේදීම
  රෝගියාගේ භය නැති කිරීම (ඇත්තටම ඒක භය වෙන්න කාරණයක් නෙමෙයි... අපේ ඇඟේ තියෙන ප්රතිශක්තිකරණ හැකියාව මත හා සිතේ තියෙන සවිමත් බව නිසා ගොඩාක් දේවල් තීරණය වෙනවා.)
  රෝගියා නොසොල්වා තැබීම
  හැකි ඉක්මනින් වෛද්යවරයෙක් වෙත රැගෙන යෑම (සර්පයාත් එක්ක රැගෙන ගියොත් හොඳයි... ඒත් ඉතින් ගොඩාක් අය සර්පයා රැගෙන යන්න ගියොත් උගේ ජීවිතය ගැන කථා කරලා වැඩක් නෑනේ...)
  
දෙවන ප්රථමාධාර
 
  සුදු පිටවක්කා කොල කොටලා ඉස්ම පානයට දීම (දැන් ඉතින් සුදු පිටවක්කා කොහෙන් හොයන්නද අහන්න එපා.. ඔබේ නිවසේ පැලයක් පැල කර ගන්න තවමත් ප්රමාද නෑ...)
  කරපිංචා කොල කොටලා ඉස්ම පානයට දීම
  කිතුල් හකුරුත් සමඟ  එළඟි තෙල් ආහාරයට දීම
  රුක් අත්තන ගහේ පස් පංගුව කොටලා බොන්න දිය යුතුයි.. ( පස් පංගුව කියන්නේද? පොතු, ගෙඩි, මල්, කොල, මුල්)
 
නොකල යුතු දෑ...
 
  ප්රෝටීන අඩංගු ආහාර නොදිය යුතුයි. (සර්ප විෂ කියන්නේ අධි ප්රෝටීන. එය ශරීරයට දරාගන්න අමාරුයි.. ඒ අතරට තවත් ප්රෝටීන දුන්නොත් මොකද වෙන්නේ කියලා මම කියන්න ඕන නැහැනේ ඉතින්)
  
  හැම දේටම ඔසුවක් වෙන බ්රැන්ඩි උගුර මේකට හරි යන්නේ නෑ... මද්යසාර දීමනම් නොකල යුතුමයි.. (දන්නවනේ අපි බීපුහාම අපේ ශරීරයේ ලේ ගමනය වේගවත් වෙනවා කියලා.. ඉතින් බීමත් පුද්ගලයෙකුගේ ශරීරයේ විෂ පැතිරෙන වේගය ඉතා ඉහලයී)
 
සර්ප දෂ්ඨයකදී දල පහරවල් වලින් සර්පයා ගැන මූලික හඳුනා ගැනීම් කල හැකියි... උදාහරණයක් විදිහට නයකු දශ්ඨකලොත් එම දල පහරවල් පීල්ලක ආකාරයෙන් තමයි පිහිටන්නේ... නමුත් පොළගෙකු දශ්ඨ කලොත් දල පහරවල් පිහිටන්නේ ඇතුලට හෑරී ගිය විදිහට.... ඔබේ නිවසේ සර්පයෙක් ඉන්නවා දැක්කොත් එයාව අල්ලගන්න ලේසි විදිහත් දැන ගන්න ඕනනම් මේන්න.. සර්පයා තරම්ම දිග පීවීසී බටයක එක කෙළවරක් වසන්න... හොදම විදිහ අපි අර එන්ඩ් කැප් (Endcap) කියලා කියන්නේ.... අනිත් පැත්තෙ විවරය සර්පයාගේ මුහුන අසලින් තියන්න... කලබල නොවී ඔහුට ඒ ඇතුලට රිංගන්න දෙන්න.... උන් අදුරට කැමති නිසා හෙමින් එතුලට රිංගනවා... ඉන් අනතුරුව අනිත් කොන වසා ආරක්ෂිත ප්රදේශයකදී මුදා හරින්න...









--
The information transmitted is intended only for the person or entity to which it is addressed and may contain confidential and /or privileged material. If the reader of this message is not the intended recipient, you are hereby notified that your access is unauthorized, and any review, dissemination, distribution or copying of this message including any attachments is strictly prohibited. If you are not the intended recipient, please contact the sender and delete the material from any computer



--


No comments:

Post a Comment