Tuesday, July 5, 2011

අටපට්ටම් හසන්තගේ පවුල කුඩු පට්ටම්

ජාතික නාලිකාවක ජනපි‍්‍රය වැඩසටහනක් වන 'අටපට්ටම' වැඩසටහන මෙහෙයවනු ලබන හසන්ත හෙට්ටිආරච්චි හා චමුදිකා පියුමිගේ විවාහය දෙදරා ගොස් ඇතැයි වාර්තා වේ.

චමුදිකාගේ පාසල් පේ‍්‍රමයක් සම්බන්ධයෙන් මතුවී ඇති සැකයක් මේ විවාහය දෙදරායාමට හේතුවී ඇතැයි පැවසේ.

විවාහයට පෙරත් මොවුන් අතර අඬදබර තිබූ බවත් ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වෙන අතර, දඩිබිඩිස්ගේ දඩිබිඩි වැඩක් හේතුවෙන් මොවුන් ඉක්මනටම කූඩුවූ බවද ක්ෂේත‍්‍රය තුළ රාවයක් තිබේ.

කෙසේවුවද මේ දෙපලගේ පෙම් පලහිලව්ව වසර හය හතක් පැරණි එකක් වුවත්චමුදිකාගේ පාසල් පේ‍්‍රමය හේතුවෙන් දෙදෙනා එක්වරක් විරසකව සිටි බවද පැවසේ.

මොවුන් යළි එක්කාසු කිරීමේ කටයුත්ත කර ඇත්තේ ජේ.ආර්.පී.සූරියප්පෙරම බවද මේ අතර වාර්තා වේ.

මොවුන් විවාහ වූයේ පසුගිය මැයි මාසයේදී වන අතර, විවාහයේ සාක්ෂියට අත්සන් කළේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාය.

හසන්ත හා චමුදිකාගේ විවාහයට අත්සන් තැබුනේද අරලියගහ මන්දිරයේදී වන අතර, ඔවුන් ජනපති මන්දිරයේ මඟුල් උත්සවයක්ද සංවිධාන කර තිබිණි.

ඔවුන්ගේ විවාහ උත්සවයට ආරාධනා කළ යුතු අමුත්තන් දෙදහසක් පමණ සිටින බැවින් විවාහ උත්සවය ගැනීමට ලතවෙමින් සිටියදී මෙය ඔවුන් දෙපලට ලැබුණු මංගල තෑග්ගක් බව හසන්ත විවාහයෙන් පසුව මාධ්‍යට පවසා තිබිණි.

හසන්තගේ විවාහය ගැන රටට කියන්නට තෝරාගෙන තිබුනේ ඔහු මෙහෙයවූ දොරමඩළාව වැඩසටහනේ සාමාජිකයන් විසිනි.

අදාළ වැඩ සටහනේදී දොඩම්පහල රාහුල හාමුදුරුවෝ හසන්ත විවාහ වූ බව පුලපුලා රටට කියූ බවද පැවසේ. 

 

No comments:

Post a Comment