Sunday, October 9, 2011

කුඩු දුමින්ද භාරතව මැරුවේ මෙහෙමලු..


ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට මෙවැනි කනගාටුදායක ඉරණමක් අත්වූයේ පක්ෂ නායකත්වය හා ආරක්ෂක ලේකම්වරයා අපරාධකාරයන් සුරතල් කිරීම නිසා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා පවසයි.
ඔහු එම කාරණය අවධාරණය කරනු ලැබ ඇත්තේ, ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරයාගේ නිවසේදී ඊයේ පස්වරුවේ බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා ඉදිරිපිටදීය.
ඊයේ සිදුවූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් කොටිකාවත්ත - මුල්ලේරියාව ප‍්‍රාදේශී සභාවේ හිටපු සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතා කළ පැහැදිලි කිරීමකට සවන් දීමෙන් අනතුරුවය. මෙම තත්ත්වය යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් බලවත් සේ කලකිරීමකට පත් විය හැකි බවට පේ‍්‍රම්ජයන්ත අමාත්‍යවරයා අනතුරු හඟවා තිබේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ සිදු වූ ගැටුමට අදාළ තොරතුරු අදාළ ප‍්‍රදේශයේ පාක්ෂිකයින්ගේ හා හිතවතුන්ගෙන් විමසා බලා තිබේ.
එම තොරතුරුවලට අනුව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොලොන්නාව සංවිධායක කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා ඔහුගේ සන්නද්ධ පිරිසක් සමඟ ඊයේ දහවල් මුල්ලේරියාව හන්දියේ පිහිටි ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතාගේ මහ ගෙදර අසලට ගොස් ඒ අවට සිටි පුද්ගලයන්ගෙන් තමුන් මනාප දුන්නේ කාටදැයි විමසා ඇත.
පාතාල මැර පිරිසක් සමඟ පැමිණි කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා එසේ ප‍්‍රශ්න කරද්දී එතැන සිටි සියලූ දෙනා කිසිවක් කතා නොකොට මඟහැර යාමට උත්සාහ කර තිබේ. එම මොහොතේ එක් තරුණ කාන්තාවක් නිවසින් එළියට පැමිණ ඇති අතර, කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා ඇය අසළට ගොස් ''ඔයා මනාප දුන්නේ කාටදැයි'' විමසා ඇත. ''මම මනාප දුන්නේ මගේ මහත්තයාට'' යැයි ඇය එකවරම පවසා තිබේ. ''ඔයාගේ මහත්තයා කවුදැයි'' මන්ත‍්‍රීවරයා එම අවස්ථාවේදී ඇයගෙන් යළි විමසා ඇත.
''මගේ මහත්තයා ප‍්‍රසන්න සෝලංගආරච්චි...... මගේ නම මධු '' යැයි ඇය එවිට පවසා ඇත.
එම අවස්ථාවේදී එකවරම ඇයගේ කොණ්ඩයෙන් අල්ලා රෝහලට දෙසට ඇදගෙන යාමට කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා උත්සාහ දරා ඇති අතර, අවට සිටි පිරිස් කෑ කෝ ගසමින් එයට විරෝධය පළ කර තිබේ.
අනතුරුව ඇය අත්හැර ඇති මන්ත‍්‍රීවරයා අවට සිටින අයට පහර දෙන ලෙස තම ගෝලබාලයින්ට නියෝග කර ඇත. ඒ අනුව කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාගේ පාතාල සාමාජිකයින් අවට සිටි පිරිමින්ට අතින් පයින් පහර දී ඇති අතර, එම පහර දීමට එරෙහි වූ කාන්තාවන් කිහිප දෙනෙකුගේ ඇඳුම් පවා ඉරා දමා තිබේ.
එම අවස්ථාවේ සිදු වූ කෑ කෝ ගැසීම් නිසා අවට ප‍්‍රදේශවාසීන් එම ස්ථානයට එක්රොක් වීමත් සමඟ කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා සහ ඔහුගේ අනුගාමිකයින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. මේ අවස්ථාව වන විට ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතා මැතිවරණ කටයුතු සඳහා එම නිවසින් බැහැර ගොස් සිට ඇත.
එම තත්ත්වය යටතේ දුමින්ද මන්ත‍්‍රීවරයා සෝලාංගආරච්චි මහතාගේ බිරිඳ පැහැරගෙන යෑමට උත්සාහ කරන බවට සෝලංගආරච්චි මහතාගේ අසල්වැසියෙකු භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දුරකතනයට වහාම දැනුම් දී තිබේ.
පේ‍්‍රමචන්ද්‍ර මහතා වහාම එම ස්ථානයට එමින් සිටියදී මුල්ලේරියාව වල්පොල හන්දියේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක පුස්තකාලය ඉදිරිපිටදී කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාගේ වාහන පෙළ හා එකිනෙකට මුණගැසී ඇත.
අනතුරුව දුමින්ද හා භාරත යන දෙදෙනාම තම වාහනවලින් බැස ඉදිරියට පැමිණ ඇති අතර, කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා එකවරම භාරත මහතාගේ කණට පහරක් එල්ල කර තිබේ. ඒ සමඟම භාරත මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරියෙකු අහසට වෙඩි තබා ඇත.
එකෙනෙහිම කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා, ''මුන්ට වෙඩි තියපන්'' යැයි තම අනුගාමිකයින්ට කෑ ගසා ප‍්‍රකාශ කර ඇත. ඒ සමඟම කුඩු දුමින්දගේ ආරක්ෂක නිලධාරීන් පළමුව අහසට වෙඩි තැබූ භාරතගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා ඇත. එහිදී භාරත මහතා එම ස්ථානයෙන් පැන දිවීමට උත්සාහ දරා ඇති අතර, 'මූට යන්න දෙන්න එපා, වෙඩි තිපයන් යැයි' කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා යළි නියෝග කර ඇත. ඒ සමඟම කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ පාදයට වෙඩි ප‍්‍රහාර කිහිපයක් එල්ල කර ඇත. වහාම එම ස්ථානයට ගොස් ඇති දුමින්දගේ ආරක්ෂක නිලධාරීන් භාරත මහතාට පොකුරු වෙඩි ප‍්‍රහාරයක් (බර්ස්ට්) එල්ල කර ඇත. එහිදී පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ආරක්ෂක නිලධාරියෙක්ද කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාට වෙඩි තබා ඇත. මෙම ගැටුමේදී භාරත පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
දුමින්ද මන්ත‍්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් වෙඩි වැඳුණු කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාව වහාම වාහනයක දමා ජයවර්ධනපුර රෝහලට රැුගෙන ගොස් ඇත.
මෙම වෙඩි තැබීමේදී තුවාල ලැබූ භාරතගේ ආධාරකරුවන් රෝහල් වෙත යෑම වළක්වමින් කුඩු දුමින්දගේ සන්නද්ධ පිරිස් එම ස්ථානයේ මාර්ගය අහුරා බොහෝ වේලාවක් වටකරගෙන සිට ඇත. අනතුරුව එම සන්නද්ධ පිරිස එම ස්ථානයෙන් පිටව ගොස් ඇත්තේ ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ද එම ස්ථානයට පැමිණ තුවාලකරුවන් රෝහලට ගෙන යෑමට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලා සිටීමෙන් අනතුරුවය.
මෙම ගැටුම සිදුවී සුළු මොහොතකින් පසු ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතා තම නිවසට පැමිණ ඇත. එම මොහොතේ ඔහුට දුරකතන ඇමතුමක් ලබා දී ඇති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් දෙකක් ලබා දෙන පවසා වහාම එම ආරක්ෂක නිලධාරීන් සමඟ ගොස් ප‍්‍රදේශයේ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.
මේ අවස්ථාවේදී කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාගේ පාතාල කණ්ඩායම් කිහිපයක් සෝලංගආරච්චි මහතාගේ නිවස වට කිරීමට එන බවට ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී විශේෂඥ වෛi සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය සෝලංගආරච්චි මහතාට දැනුම් දී ඇති අතර, වහාම පවුලේ අය සමඟ තම කොළඹ පිහිටි නිවසට එන ලෙස ඇය ඔහුට දැනුම් දී තිබේ.
ඒ මොහොත වන විට ජනාධිතිවරයා විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහිත ආරක්ෂක රථ දෙකක් සෝලංගආරච්චි මහතාගේ නිවසට එවා තිබූ අතර, ඔහු එම ආරක්ෂාව යටතේ ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නිවසට ගොස් තිබේ.
අනතුරුව සෝලංගආරච්චි මහතා, කැප්පෙටිපොල මාවතේ පිහිටි සමිට් නිවාස සංකීර්ණයේ පිහිටි භාරත ලක්ෂ්මන් මහතාගේ නිවසට ගොස් අනතුරුව ඒ.එච්.එම්.ෆවුසි අමාත්‍යවරයා කළ දැනුම් දීමක් අනුව ඔහුගේ නිවසට ගොස් ඇත.
එම අවස්ථාව වන විට බැසිල් රාජපක්‍ෂ, සුසිල් පේ‍්‍රම්ජයන්ත යන අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද එම නිවසට පැමිණ සිට ඇත.
ගැටුමට අදාළ සිද්ධිය විස්තර කරන ලෙස ඔවුන් සෝලංගආරච්චි මහතාට පවසා තිබේ. සෝලංගආරච්චි මහතා කළ පැහැදිලි කිරීම් හමුවේ කෝපයට පත්ව ඇති සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා, ''මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්, මේ සිද්ධියෙන් අපේ පාක්ෂිකයෝ ඇද වැටෙනවා. අපරාධකාරයින්ට අපේ පක්ෂය ඇතුළේ මේ විදිහට නටන්න දෙන්න බෑ. තවදුරටත් මේවට ඉඩ තියන්න දෙන්න හොඳ නැහැ'' යැයි දැඩි ආවේගයෙන් යුතුව පවසා ඇත. එහිදී ඔහු ජනාධිපතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාටත් ව්‍යාංගාර්ථයෙන් දොස් පවරා තිබේ.
එහිදී බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා ප‍්‍රකාශ කොට ඇත්තේ මේ අවස්ථාවේදී කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන පරිදි කටයුතු කළ යුතු බවයි.
මෙහිදී සෝලංගආරච්චි මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ ඡුන්ද ප‍්‍රචාරක කටයුතු අවසන් දිනයේ ආරක්ෂක ලේකම්වරයා කොලොන්නාව ආසනයට පැමිණීම ප‍්‍රදේශයේ පැවතුනු තත්ත්වය උත්සන්න කිරීමට හේතු වූ බවයි. කොලොන්නාවට පැමිණි ආරක්ෂක ලේකම්වරයා දුමින්ද මන්ත‍්‍රීවරයාගේ කුඩු ව්‍යාපාරිකයන් පිරිවරා ගනිමින් ඔවුන් සමඟ ප‍්‍රදේශයේ සංචාරය කළ බවත්, එය බරපතළ කාරණයක් බවත් සෝලංගආරච්චි මහතා මෙහිදී සඳහන් කර තිබේ.
''ඔයා ප‍්‍රසිද්ධියේ ඔය කතා කියන්න එපා'' යැයි බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා මෙහිදී සෝලංගආරච්චි මහතාට අවවාද කර තිබේ.
''නෑ සර්............ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා කොලොන්නාවට ඇවිත් කරපු නාඩගම නිසා තමයි මේ ප‍්‍රශ්නය ඇති වුණේ'' යැයි සෝලංගආරච්චි මහතා එවර ප‍්‍රකාශ කර තිබේ.
මොනම තත්ත්වයක් යටතේ වුවද මාධ්‍යවලට ප‍්‍රකාශ ලබා නොදෙන ලෙස සෝලංගආරච්චි මහතාගෙන් ඉල්ලා ඇති බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා ප‍්‍රදේශයේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සහයවන ලෙස ඉල්ලීමක් ද කර තිබේ.
කෙසේ වුවද ඊයේ රාත‍්‍රිය වන තෙක් රාජපක්‍ෂ පවුලේ කිසිදු සාමාජිකයෙකු භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දේහය බැලීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් හමුවීමට පැමිණ නොමැති අතර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය විමසීමට පැය දෙකකට වැඩි කාලයක් ශ‍්‍රි ජයවර්ධනපුර රෝහලේ ඊයේ පස්වරුවේ කාලය ගත කර ඇත.
මේ අතර, භාරත පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ රියැදුරු 'බෝලේ' නැමැත්තාගෙන් කටඋත්තරයක් ගැනීම සඳහා ඊයේ පස්වරුවේ පොලිසියට කැඳවා තිබූ අතර, දුමින්ද මන්ත‍්‍රීවරයාට හෝ ඔහු සමඟ පැමිණි කිසිවකු සම්බන්ධයෙන් මොනම හෝ ප‍්‍රකාශයක් කළ හොත් පවුල් පිටින් මරා දමන බවට පාතාල නායකයින් කිහිප දෙනෙකු ඔහුට තර්ජනය කොට තිබේ.

No comments:

Post a Comment