Wednesday, March 19, 2014

Kawshala Kapila Kumara

2002 දී ආරම්භ කල මගේ මේ ඡුායාරූප සහ වීඩියෝ කලාවේ ගමන, අද යම් තැනකට පැමිණ තිබෙන බව මටම පසක් වන්නේ අද මා දකින මගේ කිසි යම් වූ ස්ථාවරත්වයක් නිසාය. ඒ දීර්ඝ ගමන හුදෙ...ක් ගල්, බොරළු, කටු කොහොල් මතින් ඉතාමත් අපහසුවෙන් අද දක්වාම ආ ගමනක් ම මිස කිසිවිටකත් කාපට් ඇතිරූ අධිවේගී මාර්ගයක් නොවීය. මුලින් අනුන්ගේ වාහාන වල, බස් රථ වල ගොස් ඡුායාරූප ගත්තෙමි. ඉන් පසු මෝටර් බයිසිකල් වලින්ද, ඊටත් පසු ත‍්‍රීරෝද රථ වලින්ද අවුරුදු ගණනාවක් ඡුායාරූප කේෂ්ත‍්‍රයේ වැඩ කලෙමි. ඒ නිසාවෙන්ම අද මා සිටින තැන ගැන නිහතමානීව ආඩම්බර වන්නෙමි. අපේ භාෂාවෙන් කියන්නේ නම් මෙතැනට එන්නට පැලෙන්න කට්ට කා ඇත්තෙමි. එකම එකක් හැරෙන්නට මට අවශ්‍ය කිසිදු උපකරණයක් සඳහා මුදල් පිටින් ආයෝජනය කලේ නැත. සියල්ල මා මිලදී ගත්තේ මේ ක්ෂේත‍්‍රයේ වැඩ කිරීමෙන් ලබා ගත් මුදල් වලිනි. අද මා සතුව ඡුායාරූපකරණයට අවශ්‍ය කරන බොහෝ උපකරණ තිබුනත් තවත් අඩු පාඩු දැනේ. කෙසේ වෙතත්, දැනුදු මට ඒ අතීතය සුන්දරය. කිසිදා අමතක නැත.

මීට වසර ගණනාවකට ප‍්‍රථම මගේ මවගේ හිතවතියක මග ත්‍යාගයක් හැටියට ලබා දුන්නේ වීඩියෝ කැමරාවකි. එය සෝනි හැන්ඩි කැම් එකකි. මා කිසිවක් එමගින් කිරීමට දැන නොසිටියත්, ඉන් ටික කලකට පසු මාගේ වාසනාවකට හෝ කරුමයකට අපේ හිතවතියගේ පියා මිය ගියේය. ඒ ඇය පිට රට සිටින අවස්ථාවකය. හැරෙන තැපෑලෙන් මට කථා කල ඇය ඉල්ලා සිටියේ එය වීඩියෝ කර දෙන ලෙසය. විශ්වාස කලත් නොකලත්, මා පැය 06 ක් මලගෙදරක වීඩියෝ කළෙමි. හයි 8 ටේප් 5 ක් රෙකෝඞ් කලෙමි. ඒ නොදැනුවත් කම වන්නට ඇත. පරිගණක ක්ෂේත‍්‍රයේ යමක් කළ හැකි වුවත්, වීඩියෝ එඩිටින් ගැන කිසිම දෙයක් දැන නොසිටියෙමි. අඩුම ගානේ ටේප් එක පරිගණකයට ගන්න වත් එකල මට දැනුමක් තිබුනේ නැත. පසුව පිළියන්දල මගේ හිතවතෙකුගේ මාර්ගයෙන් ඒවා ඞීවීඞී වලට දමාගෙන කොල්ලූපිටියේ කරක් ගසා වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් කිහිපයකුත් සමග ගෙදර ගොස් වැඩ පටන් ගතිමි. සති දෙකක පමණ අපමණ උත්සාහයකින් එය කපා කොටා පිළිවෙල කළෙමි. සියල්ලෝම එය බලා මට ස්තූති කලේ ගොඩක් හොඳයි කියාය. එදා සිට අද දක්වාම වීඩියෝ කරමි. ඒ සම්බන්ධ සියල්ල ඉගෙන ගත්තේ මා තනිවමය. අත්හදා බැලීම්, වැරදීම් එමටය. මා නොදන්නා සහ මට නොතේරෙන සමහර දේවල් අන්තර්ජාලයේ ද සොයා, බැරිම තැන මා අසා ගත්තේ හදිසි අනතුරකින් මිය ගිය අපේ මහවැව ලලිත් මල්ලීගෙනි. මගේ සමහර ප‍්‍රශ්න ඔහුවද අමාරුවේ දැමුවා මතකයි. එම හැන්ඩියෙන් සෑහෙන්න වැඩ කළෙමි. මගේ මතකය නිවැරදි නම් මගුල් ගෙවල් 40-50 වත් කරන්නට ඇත. කිසිවෙක් මට අන්තර්ගතය ගැන දොසක් කීවේ නැත. බොහෝ අය කීවේ මා ඒවායේ යමක් කර ඇති බවයි.

ඔය අතරතුරේ 2004 දී පමණ පොටෝ වැඩ 02 ක් පත්තු විය. එවකට මා දැන සිටි පොටෝ ගැහිල්ලක් නැත. කවදත් නව අභියෝග වලට කැමති මම, කුලියාපිටිය ප‍්‍රදේශයේ ඡුායාරූප ශිල්පියෙකු යොදවා වැඬේ කළෙමි. එදා මම කිසිදු ඡුායාරූපයක් නොගත්තත්, ඒ වැඩ දෙක ඉවර වන විට වැඩක් කිරීමට, වැඩක් සැලසුම් කිරීමට ඉගෙන ගත්තෙමි. අදටත් ඔහුට මා ගරු කරන්නේ ඒ නිසාය. මීට වසර කිහිපයකට ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට ඔහු නමින් දමිත් සුරවීර ය. ඡුායාරූප ක්ෂේත‍්‍රයේ මගේ මුල් පියවර එයයි. ඉන් පසු මා කලේ ඔහුගෙන් කැමරාවක් ඉල්ලාගෙන වැඩ කිරීමය. මගේ වැඩ වලට ඔහුගෙන් ලැබුනු සහයෝගය උපරිමය. ඉන් පසු, කාලයත් සමගම මම අවශ්‍ය කරන උපකරණ මිලදී ගතිමි.

2005 දී පමණ අහම්බයකින් ඉන්ද්‍රනාථ තේනුවර මහතා කුරණ වැඩමුළුවකදී මට මුන ගැසෙන්නේ මේ අතරතුරේ දී ය. තේනුවර මහතා සමග පෞද්ගලික හිතවත් කමක් මට ඒ වනවිට නොතිබුනත් එතුමන්ගේ නැගනියගේ මිතුරෙක් වීම ඉබේම මට පුංචි වාසියකට හැරුනි. ඔහු මට සැලකුවේ සහෝදරයෙකුට මෙනි. මා බොහෝ දේවල් දැන ගැනීම සඳහා දුරකථනයෙන් කරදර කළෙමි. කිසිදු අමනාපයකින් තොරව මට නිර්ලෝභීව උදව් කලේය. එතුමා ලියු පොත් පත්, අන්තර්ජාලය පරිහරණය කිරීමෙන් මා තනිව ඡුායාරූප ශිල්පය හැදෑරුවෙමි. පසු කාලයක දී මා එතුමාගේ පංති වලටත් සහභාගී වුනෙමි. බැණුම් ඇසුවෙමි. අදටත් මට ගැටළුවක් වූ සැනින් අමතන්නේ එතුමාටය. මා අද ඡුායාරූපකරණය පිළිබඳ දැණුම අතින් යම් තැනක සිටීද, එයට පූර්ණ වශයෙන්ම වග කිව යුත්තේ ඉන්ද්‍රනාථ තේනුවර මහතාය.

වසර 12 කට පසු අද මම වසරකට, සෑහෙන ඡුායාරූප සහ වීඩියෝ වැඩ ප‍්‍රමාණයක් කරමි. එයත් ලංකාව පුරාමය. එහෙත් මම ගැන මම දන්නා පරිදි මම පොරක් හෝ වැඩකරුවෙක් නොවෙමි. අදටත් මගේ සමහර දුර්වලතාවයන් සහ අඩුපාඩු තාමත් මම දකිමි. ඡුායාරූප සහ විඩියෝ ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයෙක් හැටියට මා අද එගොඩ වී ඇත්තෙමි. ඒ ගමන හැලහැප්පීම්, බාධක රැුසක් මැද මෙතැනට ආවෙමි.

මුලින් නිවසේ වැඩ කල මා ඉන් පිටට මෙය ගෙන යන්නේ 2005 දීය. අනුන්ගේ තැනක් වන එතැන අවුරුදු 03 ක් පමන බාධක මැද්දේ වැඩ කරගෙන ගියෙමි. පසුව එතැනින් ස්ථාවර වූ මා නැවතත් සියළු දේ රැුගෙන නිවෙසට ආවෙමි. ඒ මගේ නිදහසටය. කෙමෙන් කෙමෙන් වැඩ වැඩි වෙත්ම, නිවෙස කාර්ය බහුල තැනක් විය. නන්නාඳුනන අය සමග නිවසේ වැඩ කිරීම අමාරු කාර්යයක් විය. ගෙදර නිදහසක් නැතිවිය.

වසර ගණනාවක සිටම මගේ හිතේ පැලපදියම් වී තිබුනේ මගේම තැනක සිහිනයයි. අඩුපාඩු ඇතත් යම් පමණකට එය අද ඉටු වී ඇත. මේ ගමනේදී මාත් සමග අත්වැල් බැඳ ගත්තවුන් බොහෝය. නිතර ගෙදර නැති බැවින් කණුකුණු ගෑවත් හැම වැඩකම අඩු පාඩු කියන මගේ බිරිඳ, සෑම වැඩකටම මූලික වූ මගේ දෙමව්පියන්, මාත් සමග කට්ට කෑ මගේ සේවකයන්, දිරිදුන් හිතවතුන් සහ මගේ සේවාදායකයන් සිහිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙනි.

--Kawshala Kapila Kumara

No comments:

Post a Comment