Wednesday, April 9, 2014

මී කිරිවලත් ෆෝමලින්?

සිංහල අලුත් අවුරුද්දට දෙතුන් දිනක් තිබියදී රට පුරා ගම් නගර එක විලස කාර්යබහුල වී තිබුණි. නිවසේ දහවල් අතුරුපසට මෙන්ම සගයෙකුගේ නිවසේ පසුදිනට යෙදී තිබූ සාංඝික දානයකටද රැගෙන යනු වස් මී කිරි හට්ටි තුනක් මිලදී ගත යුතු වූ බැවින් මා වෙනදා ගනුදෙනු කරනා සුපිරි වෙළෙඳ සල වෙත පියනැගුවෙමි. අතුරු සිදුරු නැතිව පිරී ගිය සුපිරි වෙළෙඳ සලෙන් මී කිරි හට්ටි තුනක් මිලදී ගැනීම අතහැර දමන්නට සිතූ මා අසල වූ ත්රිරෝද රථයක රියැදුරුට මගේ අවශ්යතාවය පැවැසුවෙමි. 
"අපි පාගොඩ පාරේ.......... එකට යං" කියූ ත්රිරෝද රථ රියැදුරු මාද කැටිව පාගොඩ පාර ඔස්සේ ඉගිලෙන්නට විය. කිරි මිලදී ගැනීමට එම වෙළෙඳ ලේදී තවත්පෝලිමකට එකතු වන්නට මට සිදුවිය. 
අවසානයේදී මා වෙත පැමිණි වෙළෙඳ සේවකයෙකුට මගේ අවශ්යතාවය පවසා සිටියෙමි. 
"කිරි හට්ටි තුනම අද කන්නදැයි" සේවකයා පෙරළා මගෙන් විමසන ලදි. "එකක් අද කන්න. අනෙක් දෙක හෙට දවල් දානයකටයි" මා පැවැසුවේ නොමනාපයෙනි. 
"එහෙනං මහත්තයා අද කන්න එක හට්ටියක් විතරක් ගන්න. හෙට දානෙට කිරි උදේ ඇවිත් ගන්නැයි ඔහු මට පැවැසීය. 
එකක් ඉල්ලූ විට තුනක් ඇඟේ ගසනා පාරිභෝගික සමාජයක තුනක් ඉල්ලූ විට එකක් ගෙනයන්නට කියන මේ අපූරු වෙළෙඳ සේවකයා දෙස මා බැලුවේ පුදුමයෙනි. 

මගේ විමතිය සංසිඳවාලනු වස් සේවකයාම හඬ අවදි කළේ මෙලෙසිනි. මේ කිරි මුදවන්නට අපි රසායන ද්රව් දාන්නේ නෑ. නිසාදවසකට වඩා මේ කිරි තියා ගන්න බෑ. අදට ඕන කිරි විතරක් ගන්න කියන්නේ ඒකයි.
මෙලෙස පැවැසූ ඔහු ඊළඟ ගනුදෙනුකරු වෙත යොමු වූ හෙයින් මට එක හට්ටියක් පමණක් රැගෙන ඉවත් වෙන්නට සිදුවිය. 
මා වෙළෙඳ සලෙන් ඉවතට පැමිණෙන විට පුද්ගලයන් කිහිප දෙනකු එක් දැන්වීමක් කියවමින් සිටිනු මා නෙත ගැටුණේ අහම්බෙනි. නිකමට මෙන් එම දැන්වීම කියවා බලන්නට මටද සිත් විය. 
වෙළෙඳ සේවකයා පැවැසූ පරිදිම රසායන ද්රව් එක් නොකරන බැවින් මේ කිරි දිනකට වඩා කල් තබාගත නොහැකි බව එහි සඳහන්ව තිබුණි. එපමණක්ද නොව මීකිරි නිෂ්පාදනයේදී කල් තබා ගැනීම උදෙසා භාවිතා කරනා රසායන ද්රව්යයද එම දැන්වීමේ පැහැදිලිව සඳහන් කර තිබුණි. අනෙකක් නොව මළ සිරුරු එම්බාම් කිරීමේදී යොදා ගන්නා ෆෝමලින්ය. 

මෙකී දැන්වීම මා තුළ ජනිත කළේ දැඩි පිළිකුලකි. ජීවිත කාලය පුරා මා කෑ මී කිරි සම්බන්ධ බරපතළ සැකයක් මා තුළ හට ගත්තේ නිතැතිනි. සැකැවින් පවසතොත් මා මිලදී ගත් කිරි හට්ටිය පවා මෙහි හැර දමා යන්නට මට සිතුණි. එහෙත් මේ කිරි කල් තබා ගත නොහැකි බව වෙළෙඳ සේවකයන් පුන පුනා පැවැසීම නිසා මා මිලදී ගෙන ඇත්තේ ෆෝමලින් රහිත කිරි බවට දැඩි විශ්වාසයක් මා තුළ ගොඩනැගෙමින් පැවැතීම නිසා එම අදහස අත හැර දමන්නට තීරණය කළෙමි. කෙසේ වෙතත් රාජ රාජ් මහා අමාත්යාදීන්ගේ රස නහර පුබුදුවාලූ රුහුණේ  මීකිරිවලට ෆෝමලින් මුසු වීමේ ශෝක ජනක කතා පුවත ඔබ හමුවේ නිරාවරණය කරන්නට අපි තීරණය කළෙමු. 

අනුව මී කිරි නිෂ්පාදනයේදී තිත්ත වූ ඇත්ත කතාව එළිපිට පවසමින් මී කිරි නිපදවා අලෙවි කරන නුගේගොඩ පාගොඩ පාරේ ප්රසිද්ධ ව්යාපාරික ස්ථානයේ නිර්මාතෘ මානව තිලක වර්ෂාහැන්නදි මහත්මා සොයා යන්නට අපි තීරණය කළෙමු. කිරි මෙන් පිරිසිදු විය යුතු මී කිරි කර්මාන්තය ෆෝමලින් මගින් කෙලෙසීම ඔහු දකිනුයේ මේ ආකාරයෙනි. 

අතීත රජ දවස සිට රට පතළ අතුරුපසක් වූ මී කිරි නිෂ්පාදනයට කිසිදු රසායනයක් යොදා නොගත් බව ප්රකට කාරණයකි. මී කිරි මුදවන්නට යොදා ගත් එකම බාහිර ද්රව් වූයේ කිරි මුහුන්ය. බාහිර ද්රව්යයක් ලෙස හැඳින්වුවද මුහුන් යනු මුදවන ලද කිරි ඉතා සියුම් ලෙසපොඩි කිරීමෙන් ලබාගන්නා මිශ්රණයක් විනා අන් කිසිවක් නොවන බව හොඳහිත මහත්මයා පවසයි. 
මුහුන් යෙදීමට පෙර කිරි හොඳින් උණු කළ යුතු වෙයි. කිරි මුදවා ගත් මොහොතේ සිට පැය හතරක් තුළ ඒවා උණු කළ යුතුය. නොඑසේ නම් එම කිරිවල ජීවය වියැකී යන අතර එය ගුණාත්මක කිරි නිෂ්පාදනයට බාධාවෙයි. උණු කර ගත් කිරි ශරීර උෂ්ණත්වයට නිවුණ පසු ඊට මුහුන් එකතු කළ යුතු වෙයි.

කිරි නිෂ්පාදනය අතිශය තීරණාත්මක අවස්ථාවක් වන මුහුන් එක් කිරීම මගින් සිදුවනුයේ කිරි මත ක්ෂුද්රජීවී ක්රියාකාරීත්වය සක්රිය කර එමගින් කිරි කල් තබා ගැනීමයි. දියුණු ලෝකය "පැස්ටරිකරණය" වැනි කිරි සංරක්ෂණ ක්රම සොයා ගන්නට සියවස් ගණනකට පෙර  ලාංකිකයා මුහුන් යොදා කිරි මුදවන්නට හුරුවීම මගින් එදවස අප සතුව පැවැති දියුණු ආහාර තාක්ෂණය ගැන වටහාගත හැක. 
නිසි පරිදි උණු කර නිවාගත් පිරිසිදු කිරිවලට මුහුන් එක් කිරීමෙන් දිනක පමණ කාලයක් ඒවා ආරක්ෂා කර ගත හැක. නමුත් වාණිජ අරමුණු පමණක් මුල් කර ගෙන සිදු කරනා කිරි නිෂ්පාදනයේදී එක දිනකට පමණක් කිරි නිෂ්පාදනය කිරීම ප්රායෝගිකව වාසිදායක නොවන බැවින් කිරි නිෂ්පාදකයන් වැඩි කලක් කල් තබා ගත හැකි ලෙස කිරි නිෂ්පාදනයට පෙළඹෙති. එමගින් සේවක වැටුප් ප්රවාහන වියදම් වැනි දෑ අවම කරගත හැකි වෙයි. පාරිභෝගික සමාජයේ ඉල්ලුම සපුරාලනු වස් සිදු කරන ලාභදායී මී කිරි නිෂ්පාදනය කෙළවර වනුයේ මී කිරිවලට ෆෝමලින් මුසුවීමෙනි. 

මුහුන් වෙනුවට ෆෝමලින් යොදා මී කිරි මුදවා ගැනීම ජනප්රිය වීමට හේතු ගණනාවකි. ඉන් පළමු වැන්න ෆෝමලින් යොදා මුදවන කිරි ඉතා පහසුවෙන් දින 14ක් පමණ තබා ගත හැකි වීමයි. දියර කිරි ලීටර් සියයක් (100) පමණ මුදවා ගැනීමට ෆෝමලින් මේස හැන්දක ප්රමාණයක් යොදා ගන්නා අතර ඉතා කෙටි කාලයක් තුළ කිරි මුදවා නිමකර ගත හැකි වීමද අමතර වාසියකි. 

මුහුන් මගින් කිරි මුදවා ගැනීමේදී කිරි ඉතා පිරිසුදුව තිබිමත් ජලය කලවම් නොවී තිබිමත් වැදගත් සාධක වෙයි. ඊට අමතරව නිශ්චිත කාල සීමාවක් තුළ නියමිත 

උෂ්ණත්වයට කිරි උණුකර ශරීර උෂ්ණත්වයට තිබෙන්නට සැලැස්වීමද වැදගත් වෙයි. නමුත් ෆෝමලින් යොදා කිරි මුදවන කල මෙම සාධක එතරම් වැදගත් නොවේ. කිරිවල තත්ත්වය අනුව යොදනා ෆෝමලින් ප්රමාණය අඩු වැඩි කිරීම පමණක් ප්රමාණවත් වෙයි. මානවතිලක වර්ෂාහැන්නදි මහතා පවසන ආකාරයට ශ්රී ලංකාවේ දිනපතා නිපදවන මී කිරි සති ගණන් කල් තබා ගැනීම අනවශ් දෙයකි. හොඳම ක්රමය අද නිපදවන කිරි අදම භාවිතා කිරීමයි. අරමුණින් මී කිරි නිපදවන්නේ නම් ඊට කිරි මුහුන් පමණක් යොදා ගැනීම ප්රමාණවත් වෙයි. මිනිසුන් ආහාරය පිණිස ගන්නා දේ නිපදවීමට මල සිරුරු එම්බාම් කිරීමට යොදා ගන්නා රසායන ද්රව් යොදා ගැනීම බරපතළ අපරාධයක් බව මහතා වැඩිදුරටත් පවසයි. 
විෂ සහිත රසායනික ද්රව්යයක් වූ ෆෝමලින් මිනිස් සිරුරට ගෙන එන්නේ කෙබඳු හානියක් දැයි දැනගනු වස් අප මෙම ගැටලුව විශේෂඥ අධිකරණ වෛද් ආනන්ද සමරසේකර මහතා වෙත යොමු කළෙමු. මහතා පවසන ආකාරයට ෆෝමලින් යනු පටක සංරක්ෂණයට යොදා ගන්නා රසායනික ද්රව්යයකි. ෆෝමලින් මගින් සිරුරේ පටක මියගොස් ඝන වීම සිදුවන අතර එමගින් පටක සංරක්ෂණය වීම සිදුවෙයි. මළ සිරුරු එම්බාම් කිරීමේදී ෆෝමලින් යොදා ගැනීම මගින් සිදුවන්නේ එම කාර්ය බව ආනන්ද වෛද් සමරසේකර මහතා පවසයි. 
නිෂ්පාදිත දිනයේ සිට දින 14ක් වැනි දිගු කාලයක් කල් ඉකුත් වීමේ දිනය ලෙස යොදා ඇති මී කිරි මිලදී ගැනීමේදී ඔබ දෙතුන් විඩක් ගැන සැලකිලිමත් විය යුතුය. මන්දයත් දිගු කලක් ෆෝමලින් මිශ් මී කිරි ආහාරයට ගැනීම නිසා ඔබ ඇවිදින මමියක තත්ත්වයට පත්වීමට ඉඩ ඇති බැවිනි.

අරුණ ලක්ෂ්මන් ප්රනාන්දු

 

 

-

This e-mail and any attachments may contain confidential and privileged information. If you are not the intended recipient, please notify the sender immediately by return e-mail, delete this e-mail and destroy any copies. Any dissemination or use of this information by a person other than the intended recipient is unauthorized and may be illegal. Mobitel (Pvt) Ltd.

No comments:

Post a Comment