Sunday, March 30, 2014

මගේ ප්‍රජා අයිතිය අහෝසි වී නැති බව මැතිවරණ දෙපාර්තමේන්තුව පිලිගත්තා – සරත් ෆොන්සේකා

ව්‍යවස්ථානුකූලව තම ප්‍රජා අයිතිය අහෝසි වී නැතැයි මැතිවරණ දෙපාර්තමේන්තුව පිලිගෙන ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඔහු මේ අදහස් පල කළේ, අද පිළියන්දලදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ය.
...
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද පෙරවරුවේ පිළියන්දල, බටකැත්තර සුමනසාර මහා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී තම ඡන්දය ප්‍රකාශ කළේය.
එහිදී ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
" මම අද මේ ඡන්ද මධ්‍යස්ථානයට ඇවිල්ලා මගේ වටිනා ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළමුවැනි ඡන්දය මේ පක්ෂයට අද ඡන්දය ප්‍රකාශ කළා. මම ඒක කරලා රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම දෙනාට පෙන්නුවා මගේ ප්‍රජා අයිතීන් නැති වෙලා නැහැ කියලා. ව්‍යවස්ථානුකූලව මට ප්‍රජා අයිතිය තියෙන වග අද මැතිවරණ කොමසාරිස් සහ මැතිවරණ දෙපාර්තමේන්තුව පිළිගත්තා. මම ජීවිතේ පළවැනි වතාවට කොටුව ඇතුළට ඇවිල්ලා කතිරයක් ගැහුවේ අද. මීට කලින් තැපැල් ඡන්ද දාලා පුරුද්දක් තිබුණත් ඡන්ද මධ්‍යස්ථානයකට ඇවිල්ලා ඡන්දයක් ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. ඉතිං ජීවිතේ පළවැනි වතාවට ඡන්ද මධ්‍යස්ථානයට ඇවිල්ලා අර කොටුව ඇතුළට ඇවිල්ලා දාපු ඡන්දය මා විසින්ම ගොඩනැගූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඒකේ නායකයා හැටියටම සලකුණු කරන්න වෙයි කියලා මම ඒ වගේ දෙයක් කවදා හෝ මගේ ජීවිතේ දෛවෝපගතව වෙයි කියලා මම දැනන් හිටියේ නැහැ. අද ඒක වුණු විශේෂ අවස්ථාවක්. "

Video :- http://youtu.be/C2ma3YzG5rQ

© SF l Online Media.

No comments:

Post a Comment